ලොකු තාත්තා විවාහ කරගන්න තරුණිය කැමතියි

පනස්‌ හැවිරිදි ලොකු තාත්තාට (මවගේ වැඩිමහල් සොයුරියගේ සැමියා* ආදරය දැක්‌වූ 17 හැවිරිදි තරුණියක ඔහුගෙන් ළමයකු ලැබීමට සිටියදී ඒ සම්බන්ධව පරීක්‌ෂණයකට නාවලපිටිය දිස්‌ත‍්‍රික්‌ මහ රෝහලට ඇතුළත්ව ඇත.

ගිනිගත්හේන කලවැල්දෙනිය ප‍්‍රදේශයේ පදිංචි මෙම තරුණිය සිය ලොකු අම්මාගේ නිවසේ වසර ගණනාවක්‌ හැදී වැඞී ඇත. හදිසියේ ලොකු අම්මා මියගිය නිසා නිවසේ තනිවූ ලොකු තාත්තා හා මේ දියණිය එකිනෙකාට ආදරය කරමින් සම්බන්ධයක්‌ ගොඩනගාගෙන ඇති අතර ලොකු තාත්තා මේ දියණිය අඹුකමට ගෙන ඇත ඒ අතර ප‍්‍රදේශය තුළින් ගිනිගත්හේන පොලිසියට ලැබුණු පෙත්සමක්‌ මත පරීක්‌ෂණයක්‌ අරඹා ඇති අතර එහිදී ලොකු තාත්තා පවසා ඇත්තේ ඇය විවාහ කර ගැනීමට සූදානම් බවයි.

දැරියද පවසා ඇත්තේ ඒ සඳහා තමන් කැමැති බවත් ලොකු තාත්තාට ආදරය දක්‌වන බවත්ය.මෙම යෝජනාවට නීතියේ ප‍්‍රතිපාදන නොමැති නිසා දැරිය පරිවාසගත කිරීමට කටයුතු යොදා තිබූ අතර පරිවාස භාරයේ සිටියදී මෙසේ දැරිය රෝහල්ගත කර තිබුණේ ඇයට ලැබීමට සිටින දරුවා හා මවට යම් රෝගී තත්ත්වයක්‌ ඇතිවීම නිසාය.

රෝහලේ සිටින ඇය පවසන්නේ ආදරයට වයස බල නොපාන බවය. වයස සම්පූර්ණ වූ පසු ලොකු තාත්තා සමග විවාහ වන බවද ඇය පවසා සිටින්නීය.