කොණ්ඩයාට ඇප දුන්නට එලියට ගන්න කවුරුත් නෑ.

සේයා සදෙව්මි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් නිදහස් වි සිටි දිනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැමැති සැකකරුට, අයුතු ඇතුළු වීම් හා පුද්ගලයෙකුට පහර දී සුළු තුවාල සිදු කිරීමේ හා තවත් චෝදනා 2ක් මත ඊයේ(21) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාරය  මගින් ඉදිරිපත් කල අවස්ථාවේදී පෙර ඇප වලට අමතරව රුපියල් 50,000 බැගින් වු ශාරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා නියම කළත් ඊයේ(21) අධිකරණ කටයුතු නිම වනතුරුම ඇප දීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් සැකකරු තවදුරටත් බන්ධනාගාර භාරයේම රදවා තැබීමට කටයුතු කර තිබේ.