පොලිස් – රාජ්‍ය සේවා කොමිෂන්වලට නව සාමාජිකයින්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉදිරිපත් වු කරුණු නිර්දේශ පිළිගනිමින් ජනාධිපතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපතවරයා වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා පත් කර ඇති අතර, එහි සෙසු සාමාජිකයින් ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වු ඇන්ටන් ජෙයනාදන්,එම්.පී.එච්. මනතුංග,වයි.එල්.එම්.සවාහීර් සහ සාවිත්‍රි විජේසේකර යන මහත්ම මහත්මීහු පත් කර තිබේ.
එමෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ධර්මසේන දිසානායක මහතා පත් කර ඇති අතර‍, කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස අබ්දුල් සලාම්, ආචාර්ය ප්‍රභාත් රාමමුජම්, වී. ජෙගරාජසිංහම්, පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම්වරයෙකු වන නිහාල් සෙනෙවිරත්න,හිටපු අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු වන එස්.රනුග්ගේ, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියක වන ධාරා විජේතිලක, ඩී.එල් මෙන්ඩිස් සහ සරත් ජයතිලක යන මහත්ම මහත්මීහු කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබෙන බව වාර්තා වේ.