වෙලේ සුදාගේ නංගිත් කුඩු සමග අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 17ක් වටිනා හෙරොයින් තොගයක් සමග ඊයේ (21) අත්අඩංගුවට පත් වෙලේ සුදාගේ  සොහොයුරිය ලබන 26වන දින දක්වා රදාවා ප්‍රශ්ණ කිරීමට  කොළඹ මාලිගාකන්ද උසාවිය පොලීසියට අවසර ලබා දී ඇති අතර, හෙරොයිව් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිවු වෙලේ සුදාගේ නැගණිය දෙමටගොඩ ප්‍රදේශයේ හෙරොයින් සමග අත්අඩංගුවට පත් වීමෙන් පසුව සැකකාරිය ඊයේ(21) දෙමටගොඩ පොලීසිය මගින් අධිකරණයට වෙත ඉදිරිපත් කල බව වාර්තා වේ.