ජිනීවා යෝජනා ගැන පක්ෂ නායකයින්ගේ විසදුම් ඉල්ලයි

ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියා කල යුතු ආකාරය පිලිබදව සියළුම දේශපාලන පක්ෂවල විසදුම් සහිත යෝජනා ඉදිරිපත් කරන ලෙස ඊයේ(22) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වු පක්ෂ නායකයින්ගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇත.
මේ අවස්ථාව සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 21 කට ආරාධනා කර තිබු අතර, භික්ෂුන් වහන්සේලා සිව්නමක් ද කාන්තාවන් දෙදෙනෙකු ඇතුළුව දේශපාලන නායකයින් 87 දෙනෙකු මේ අවස්ථාව සදහා සහභාගී වී ඇති බව වාර්තා වේ.