දිනේෂ් සෙංකෝලය උස්‌සයි

ජිනීවා යෝජනාව සම්බන්ධ කල් තැබීමේ විවාදයේදී විමල් වීරවංශ මහතාට කතා කිරීමට ඉඩ නොදෙන්නේ යෑයි විරෝධය පළ කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සෙංකෝලය රැුගෙන සභාව මැදට පැමිණීම නිසා සභාවේ කටයුතු අත්හිටුවීමට මුලසුනට ඊයේ (22 දා) සිදුවිය.

මන්ත‍්‍රීවරයා අත තිබූ සෙංකෝලය ලබා ගැනීමට පාර්ලිමේන්තු සේවකයෝ හා ආණ්‌ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරු උත්සාහ ගත්හ. එනිසා සභාවේ කටයුතු විනාඩි දහයක පමණ කාලයක්‌ නැවතිණි. දහවල් 12.55 ට පමණ අත්හිටවූ සභාව යළි පස්‌වරු 1.05 ට රැුස්‌විණි.

සභාව කල් තැබීමේ විවාදයේදී ඇමැති මහින්ද සමරසිංහ මහතා අදහස්‌ දැක්‌වූ පසුව මූලාසනයේ සිටි මුජිබර් රහුමාන් මහතා ඊළඟ කථිකයා ලෙස ඇමැති ඞී. එම්. ස්‌වාමිනාදන් මහතාගේ නම ප‍්‍රකාශ කළේය. එවිට මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

මුලසුනේ නම් කිරීමට අනුව ඇමැතිවරයා කතා කිරීමට සූදානම් වෙද්දී රීති ප‍්‍රශ්නයක්‌ මතු කරමින් නැගී සිටි විමල් වීරවංශ මහතා මෙම වේලාව තිබෙන්නේ තමාගේ කතාවට බව කියා සිටියේය. ආණ්‌ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් දෙදෙනකු අදහස්‌ දැක්‌වීම නිසා මෙම අවස්‌ථාව හිමිවිය යුත්තේ තමන්ට බව ද වීරවංශ මහතා කියා සිටියේය.

මුලසුන – දැන් කාලය වෙන් කර තිබෙන්නේ ස්‌වාමිනාදන් ඇමැතිතුමාට. එතුමාට කතා කරන්න ඉඩ දෙන්න.

දිනේෂ් ගුණවර්ධන මහතා – පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක්‌ තියෙනවා. ආණ්‌ඩු පක්‍ෂයේ කෙනෙක්‌ කතා කළ පසු කතා කරන්නේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක්‌. මේ අවස්‌ථාව විමල් වීරවංශ මහතාට දෙන්න.

මුලසුන – එහෙම කරන්න බෑ. මගේ අතේ තිබෙන ලේඛනය අනුව වේලාව තියෙන්නේ ස්‌වාමිනාදන් මහතාට. මහින්ද සමරසිංහ ඇමැතිතුමා කතා කළේ සන්ධානයට වෙන් කළ වේලාවෙන්. එනිසා දැන් වෙනස්‌ කරන්න බෑ.

දිනේෂ් ගුණවර්ධන මහතා – ඒක වැරදියි.මෙතන කතා කරන්න තියෙන්නේ වීරවංශ මන්ත‍්‍රීතුමාට. සම්ප‍්‍රදායන් වෙනස්‌ කරන්න ඔබතුමාට බෑ. වැරදි අර්ථකථන ඇති කරන්න එපා යෑයි ආවේගශීලීව කීවේය.

මුලසුන – විමල් වීරවංශ මහතාගේ නම තියෙන්නේ කථික ලැයිස්‌තුවේ අවසානයට. ඒ අවස්‌ථාව ඔහුට දෙන්නම්.

ඇමැති මංගල සමරවීර මහතා – මුලසුනට විරුද්ධව යන්න බෑ. මන්ත‍්‍රීවරු ඊට අවනත විය යුතුයි.

”‍මන්ත‍්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්න කථානායකතුමාත් පොරොන්දු වෙලා තියෙනවා. ඒ නිසා අපි මන්ත‍්‍රීවරුන්ගේ අයිතිීන් රැුකිය යුතුයි”‍ යෑයි කියමින් දිනේෂ් ගුණවර්ධන මහතා මුලසුනට දෙසට ගියේය.

ඒ සමගම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පියල් නිශාන්ත, ශ‍්‍රියානි විෙඡ්වික‍්‍රම, රෝහිත අබේගුණවර්ධන, සී. බී. රත්නායක, ඉන්දික අනුරුද්ධ හා සිසිර ජයකොඩි මන්ත‍්‍රීවරු ද මුලසුන දෙසට ගියහ. නියෝජ්‍ය වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා සෙංකෝලය රැුක ගැනීමට මුලසුන දෙසට පැමිණෙද්දී ඊට පෙර දිනේෂ් ගුණවර්ධන මහතා සෙංකෝලය අතට ගන්නා අයුරු දැක ගත හැකි විය.

ගුණවර්ධන මහතා සෙංකෝලය රැුගෙන එද්දී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ද එය ගෙන යැමට ඉඩ නොදී රැුක ගැනීමට මහත් වෙහෙසක්‌ දරමින් සිටියේය. එවිට මුලසුන විසින් සභාවේ කටයුතු සුළු වේලාවකට අත්හිටුවනු ලැබීය.

අනතුරුව සභාව අත්හිටුවීම මධ්‍යයේ සභාව මැදට ආ මන්ත‍්‍රීවරු මේ පිළිබඳ එකිනෙකා සමඟ සාකච්ඡුා කළහ. මංගල සමරවීර, අජිත් පී. පෙරේරා හා ඉරාන් වික‍්‍රමරත්න යන මැති ඇමැතිවරුද, පැමිණ ඊළඟ කථික අවස්‌ථාව විමල් වීරවංශ මහතාට ලබා දීමට එකඟ වූහ. පසුව ඝෝෂාව අවසන් විය.

විනාඩි පහකට පසු මුජිබර් රහුමාන් මහතාගේ මුලසුන යටතේ සභාව යළි රැුස්‌විය. දිනේෂ් ගුණවර්ධන මහතා නැගිට සභාව අමතමින් අනවබෝධයෙන් යුතුව තමන් කළ කටයුත්ත සම්බන්ධව සභාවට කනගාටුව පළ කරන බව කීය.

 

dhinesh