මහින්ද සෙවනේ වැඩුණු විමල්ගෙ පවුල් ගස

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය විසින් මත්තේගොඩ හා කහතුඩුව ප‍්‍රදේශවල ඉදිකළ සුඛෝපභෝගී නිවාස සංකීර්ණවල නිවාස බෙදා දුන් ආකාරය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විමසන ලද ප‍්‍රශ්නයකට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (21* පාර්ලිමේන්තුවේදී පිළිතුරු සැපයීය.

ඒ අනුව එම සංකීර්ණයේ නිවාස දහතුනකින් පහක් හිටපු අමාත්‍ය විමල් වීරවංසගේ ලඟම ඥාතීන් අතර ඉතාම සොච්චම් මුදලකට බෙදා දී ඇති බව අනාවරණය විය.

එම නිවාස ලබා දී ඇත්තේ හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයාගේ බිරිඳ වන තරංගමාල රණවීර, සහෝදරයාගේ පුතාගේ බිරිඳ වන වත්සලා කුමාරසිංහ, සහෝදරියගේ ස්වාමිපුර්ෂයා වන ඩබ්. හේමසිරි, අනෙක් සහෝදරියගේ ස්වාමිපුර්ෂයා වන ආනන්ද ප‍්‍රියදර්ශන හා අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයාගේ බිරිඳ වන වසන්තා රූපසිංහ යන අයටය.

 

 

 

 

 

wimal