ගණිකා සංගමයේ සම සභාපතිනියගේ කතාව

බියෙන්, ලැජ්ජාවෙන් මිරිකී මුළුගැන්වී සිටි ගණිකාවන් කරළියට ගෙන ඒමටත්, එම ගණිකාවන්ගේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමටත් ලිංගික වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් සුරැුකීම සඳහා වූ මධ්‍යස්ථානය නමින් මානව හිමිකම් සංගමයක් පසුගියදා ශ‍්‍රී ලාංකික ගණිකාවන්ගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවා ගනු ලැබුවා. එහිදී පැවැත්වූ පළමු පුවත්පත් සාකච්ඡුාවේදී ප‍්‍රකාශිත අදහස් සමාජයේ මහත් කතාබහකට ලක්වී තිබුණා.

එම සංගමයේ සම සභාපතිනිය සමඟ (නම ප‍්‍රකාශ කිරීමට අකමැතියි* මෙම සාකච්ඡුාව කරනු ලැබුවේ එහි අභ්‍යන්තරය ලාංකික ජනතාවට වටහාදීමේ අරමුණින්.

  • ඔබ ගණිකාවක්ද?
    ඉස්සර නම් නෑ. දැන් නම් එහෙමයි.
  • ඉස්සෙල්ලා නැතුව දැන් එහෙම වුණේ?
    ආර්ථික ප‍්‍රශ්න හින්දා.
  •  ඒක කොහොමද විසඳන්නෙ?
    මං කසාද බැන්දෙ බොහොම පොඩි වයසෙන්.
  •  කීයෙදිද?
    අවුරුදු දහනවයෙදි. මට දරුවො දෙන්නෙක් ඉන්නවා.
  • දුවලද? පුත්තුද?
    දෙන්නම පුතාලා.
  • වයස?
    දහතුනයි, අටයි.
  •  පාසල් යනවද? මොන පාසලටද?
    ඉස්කොලෙ නම් අහන්න එපා. පෞද්ගලික මට්ටමෙන් දරුවො ගැන අහන්න එපා. මං ගැන ඕන දෙයක් අහන්න.
  •  කාත් එක්කද විවාහ වුණේ?
    එයා දැන් නෑ ජීවතුන් අතර
  •  කසාදෙන් කොච්චර කාලෙකට පස්සෙද ගණිකාවක් වුණේ?
    ඒ කාලෙ නම් මතක නෑ
  • ගණිකා වෘත්තියට දැන් අවුරුදු කීයද?
    පහක් විතර.
  • ගණිකාවක් වෙච්ච හේතුව?
    විශේෂ හේතුවක් තිබුණෙ නෑ.
  • ඇයි එහෙනම් ගණිකාවක් වුණේ?
    බොළඳකම හින්දා. උගත්කම හින්දා. රැුවටුණු හින්දා. ඒ අතරට පළමුවැනි හේතුව තමයි පිරිමියා. කාන්තාවක් පොඞ්ඩක් පෙනුමට, ලස්සනට ඉන්නව නම් ඉස්සෙල්ලම එයත් එක්ක යාළුවෙනවා. සෙනෙහසින් අපිට ආදරේ කරන ස්වාමි පුරුෂයා නැති වුණාට පස්සෙ අපි අසරණ වෙනවා.
  • මොකක්ද අසරණකම?
    වටපිට ඉන්න පිරිමින්ගේ ඇස් ගැහිලි, හුරතල් හිනාවල්, රස්සාවක් නෑ නේද? කොහොමද ජීවත් වෙන්නෑ. මේවා තමයි මිනිහා නැති ගෑනිගෙන් පිරිමි අහන ප‍්‍රශ්න.
  •  ඉතිං උදවු ගත්තා?
    අපොයි නෑ. මං ගාමන්ට් එකකට ගියා. එතෙන්දි තමයි අහුවුණේ.
  •  ඒ කොහොමද?
    ඉස්සෙල්ලම බොස්ට. මොකද මගේ රස්සාව තියෙන්නෙ බොස්ගෙ අතේ හින්දා. බොස්ට මං අහුවුණේ ලිංගික වෘත්තියක ඉන්න කෙනෙක් විදියට නෙවෙයි. අනියම් ඇසුරක් විදියට. ඒ තමයි සමාජයේ තනිවෙච්ච ගෑනියකුගෙ අසරණකම. ඒක දිගින් දිගටම යනකොට තමයි මං ලිංගික වෘත්තියට ආවෙ. ඵතකොට මං ගොඩාක් තැළිලා ඉවරයි. ඒ කියන්නෙ හතර පස් දෙනකුට අහු වුණා.
  • ඒවයින් දරුවන් ලැබුණද?
    නෑ.
  •  ඒ ඇයි?
    හේතුව මේකයි. හම්බෙන්න හිටිය දරුවො මාස දෙක තුනෙන් ගබ්සා වුණා. කියන්න බැරි දරුණු දේවල් වුණා. ඒවා කිව්වොත් මිනිස්සු කියාවි මේ ගෑනිට පිස්සු කියලා.
  • දැනටත් කියනවා?
    ඔව්. සමාජෙ කවුද කියන්නෙ මේ ගෑනිට මෙහෙම දෙයක් වුණේ සමාජෙ වරද හින්දා කියලා.
  • ඔබ මොනවද කියන්නේ?
    ගණිකා වෘත්තිය පට්ට ගහන්න එපා.
  •  ඇයි ඒ?
    අපි මිනිහෙක් ගාවට යන්නෙ නෑනෙ.
  • එහෙනම්?
    මිනිස්සුනේ අපි ගාවට එන්නෙ.
  •  ඒ කොහොමද?
    ජැක් ගහනවා. ඉඟි කරනවා. කොහොමහරි ගත්තොත් පාවලා දෙනවා.
  •  ඉතිං නොගිහින් ඉන්න පුළුවන්නේ?
    එතකොට මට කවුද කන්න බොන්න දෙන්නෙ. මගේ දරුවන්ට සලකන්න සල්ලි දෙන්නෙ.
  •  ඒ හින්දා ගණිකා වෘත්තියට ගියා?
    ඒ හින්දම නෙවෙයි. මං ගණිකා වෘත්තියක් කළේ නෑ.
  • ගණිකාවක් විදියට වැඩ කළා?
    ඔව්. නෑ… නෑ…
  • එහෙනම්?
    මිනිහෙක්ගේ ඇඟට යට වුණා. ආර්ථිකය හදාගැනීම සඳහා දරුවන්ට කන්න බොන්න දෙන්න.
  • එතැනින් ගණිකා ව්‍යාපාරෙකට යන්නෙ කොහොමද?
    ගණිකාවන් ව්‍යාපාරයක් කරනවා කියලා කරන්න නෑ.
  •  මේ කරන්න යන්නෙ මොකද්ද?
    මේක අයිතීන් ඉල්ලා සටන් වැදීමක්. ගණිකාවන්ගේ අයිතිවාසිකම් ඉල්ලා හඬ නැඟීමක්. මේ කතා කරන්නෙ සමාජෙ හැමෝම වෙනුවෙන්.
  •  හැමෝම කිව්වෙ?
    ගණිකා වෘත්තියෙ යෙදෙන හැම කාන්තාවක් ගැන. පිරිමින්ට මුදලට සිරුර විකුණන හැමෝම වෙනුවෙන්. හංගලා ඇඟ විකුණන හැමෝම වෙනුවෙන්. ගොඩක් අය බයයි. ඒ ලැජ්ජාවට.
  •  ඔබ බය නෑ. ලැජ්ජත් නෑ?
    ඔව්. ඒ හින්දා තමයි අපි සමාගමක් හැදුවෙ ගණිකාවන්ගේ.
  • මොකක්ද සමාගම?
    ලිංගික වෘත්තිකයන්ගේ අයිතිවාසිකම් සුරැුකීම සඳහා වූ මධ්‍යස්ථානය.
  •  කවුද සභාපති?
    මම. සම සභාපති.
  •  නම කියන්න කැමැතිද?
    අපෝ නෑ.
  • අනිත් නිලතල?
    ලේකම්. භාණ්ඩාගාරික. කාරක සභාව. සමාජිකාවන්. නීතිඥවරු.
  •  ලේකම්?
    පිරිමියෙක්.
  •  කාරක සභාවෙ ගණන?
    ‍දොළහයි.
  •  කාන්තාවන්ද? පිරිමින්ද?
    දෙගොල්ලම.
  •  සාමාජිකාවන්ගේ ගණන?
    අටසීයයි දැනට.
  •  සමස්ත ලංකාවෙන්මද?
    ඔව්.
  •  කාන්තා ලිංගික ශ‍්‍රමය විකුණන්නියන්ද? ඒ ඔක්කොම?
    ඔව්.
  •  වයස් සීමාව?
    හැම වයසකම අය ඉන්නවා.
  •  දහසය, දාහතේ දැරියන්?
    අපොයි නෑ.
  • කොහොමද සාමාජිකාවන් බඳවගත්තේ. මේ සංගමය පිහිටුවා ගත්තෙ?
    මානව හිමිකම් එකෙන් අපිට කතාකරලා කිව්වා ඒගොල්ලන්ට…
  •  ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද?
    ඔව්.
  •  කවුද කතා කළේ?
    අපේ සේනක පෙරේරා.
  •  එයා කවුද?
    එයා ලෝයර් කෙනෙක්. මානව හිමිකම් එකේ.
  • මොනවද කිව්වෙ?
    කතා කරලා කිව්වා ඕගොල්ලන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අපි පෙනී සිටින්න කැමැතියි. අපි හැමෝම කතාවෙලා මේ ගැන කතා කළා ඊට පස්සේ.
  •  හැමෝම කිව්වෙ?
    ගණිකාවන්. සේනක තමයි මේකෙ මූලිකයා. නම ලියන්න. ප‍්‍රශ්නයක් නෑ. එයා කිව්වා මේ වගේ සමිති සමාගමක් හදන්න. ඒකෙන් ඔයාලට හොඳ ආරක්‍ෂාවක් ලැබෙනවා. මේක ගොඩක් හොඳ දෙයක්. ඉතිං අපි කල්පනා කළා. ඒක ඇත්තටම ඇත්තක්. ඉතිං අපි බැඳුනා සමිතියට. ඒ හැමෝම ගණිකාවන්. සමස්ත ශ‍්‍රී ලංකා ගණිකාවන් නියෝජනය කරන්නක්.
  •  ඒ අයට ගණිකා ව්‍යාපාරය කරන්න සංගමයෙන් අනුමැතිය ඕනද?
    ඒ කියන්නෙ…
  •  සංගමයෙන් හොයලා දෙන කස්ටර්මස්ලා එක්ක විතරද යන්න පුළුවන්?
    මේක ගණිකාවන්ට කස්ටර්මස්ලා හොයලා දෙන සංගමයක් නෙවෙයි. ගණිකාවන්ගේ මානව හිමිකම් ආරක්‍ෂා කරලා දෙන සංගමයක්. මොකද මෙච්චර කාලෙකට ගණිකාවන් ගැන කතා කරන්න කවුරුවත් ආවෙ නෑ. දැන් මේ සංගමය ඉන්නවා.
  •  සාමාජිකාවන්ගෙන් අය කරන මාසික සාමාජික මුදල?
    එහෙම ගන්නෙ නෑ. මේකෙන් කරන්නෙ ගොඩාක් දැනුවත් කිරීමක්.
  •  සංගමයේ ක‍්‍රියාකාරීත්වය?
    දැන් ගොඩාක් දියුණුයි.
  •  දියුණුයි කිව්වෙ?
    කාන්තාවන්ට සිද්ධවෙන අසාධාරණකම් ගැන අපි දැන් දන්නවා. දැනට විෂය කරුණු සාකච්ඡුා කරනවා. අපි මේකෙන් සමාජයෙන් ඉල්ලන්නෙ කිසිම කාන්තාවක් කොන් කරන්න එපා කියලා. එයාගෙ දරුවෝ කොන් කරන්න එපා කියලා. සම්බාහන මධ්‍යස්ථානයක් අල්ල ගත්තහම මීඩියාවලින් ප‍්‍රචාරය දෙන්න එපා. මීඩියාවලින් ඉස්සෙල්ලම කරන්නෙ කාන්තාවො ටික පෙන්නන එක. මේ වැඩෙන් මුළු ලංකාවම දන්නවා මේ ගණිකාවො කියලා.
  • මොනවද කියන්නෙ?
    ගණිකාවන්ටත් ආත්ම ගරුත්වයක් තියෙනවා. ගණිකාව නීතියෙන් වැරැුදිකාරියක් වුණාට, උසාවියෙන් දඩ ගැහුවට, හිරේ දැම්මට, ගණිකාවගේ පෞද්ගලිකත්වය ආරක්‍ෂා කරන්න ඕන. ඒක අනිවාර්ය මානව හිමිකමක්. නීතියෙන් ගණිකාවක් වැරැුදි වුණාට මානව හිමිකම්වලින් ගණිකාවන් වැරැුදි නැහැ.
  • ඔය කියන්නෙ තමන්ගෙ සිරුර විකුණන්න අයිතියක් තියෙනවා කියලද?
    මම එහෙම කියන්නෙ නැහැ. මොකද කවුරුවත් තමන්ගෙ සිරුර විකුණන්න කැමැති නෑ. කැමැත්තෙන් විකුණන්න කාහටත් ඒකට අයිතියක් තියෙනවා. මොකද මම විකුණන්නෙ මගේ සිරුර මිසක් ඔයාගෙ සිරුර නෙවෙයි. මේක මගේ රැුකියාව.
  •  හරි ලේසි රස්සාව?
    මොන පිස්සුද. මේක හරි අමාරු රස්සාවක්. දුෂ්කරයි. මහ නසරානි පිරිමි එන්නෙ.
  •  ඔබට වැදගත් වෙන්නෙ සල්ලිද? එන නසරානි පිරිමිද?
    පිරිමි සිරුරකට යටවෙන්න ඉස්සරවෙලා මගේ තියෙනවා කොන්දේසි ටිකක්.
    මේවා ගණිකාවන්ගේ පිළිවෙත්. කස්ටමර් බීලද. පෙති බීලද, කුඩු ගහලද, ගංජා ගහලද, දරුණුද, වල් සතෙක් වගේද, මෘගයෙක් වගේද. ඒ වගේ දේවල් හොයලා බලනවා. මේවා තමයි කස්ටර්මස්ලා ගැන අපි කියලා දෙන දේවල්. ඒ දේවල් දිහා බලලා තමයි තීරණය කරන්නෙ. සමහර වෙලාවට ඒවා සලකන්නෙත් නෑ. මොකද ඒ මුදල ආපහු හරවලා යවන්න හිත දෙන්නෙ නෑ.
  •  සංගමයේ සාමාජිකාවන්ට සමාජ රෝග නැද්ද?
    අපි කරන්නෙ ලෙඩදුක් හොයන එක නෙවෙයි. ගණිකාවන්ට සිද්ධවෙන මානව හිමිකම් කඩවීම්වලින් ආරක්‍ෂාවක් ලබා ගන්න.
  •  ගණිකාවන්ගෙන් ලෙඩ රෝග කස්ටර්මස්ලට බෝවීම කස්ටර්මස්ලගෙ මානව හිමිකම් කඩවීමක් නේද?
    ඔව්. ඒක ප‍්‍රශ්නයක්.
  • ඒකට විසඳුම?
    කස්ටර්මස්ලට බාරයි. ගොඩක් ගණිකාවන් කැමැතියි කස්ටර්මර් කෙනෙක් තමන්ගෙ විස්වාසවන්ත ආරක්‍ෂකයා වෙනවනම්. මම මෙහෙම කියන්නෙ පිටරටවලට ගිහිල්ලා ලබපු අත්දැකීම්වලින්.
  •  ගණිකා වෘත්තිය නීතිගත කරන්න ආණ්ඩුවෙන් කැමැත්ත දුන්නොත්?
    අපි ඒකට සැලසුම් හදාගෙන යනවා. ඒ ක‍්‍රමවත් බවට අපි මේ දවස්වල පුරුදු පුහුණු වෙනවා.
  •  සැමියත් එක්ක විවාහ වුණු දවස?
    කැමැති නෑ ඒ ගැන කතා කරන්න.
  •  ගණිකාවක් විදියට හැසිරුණු පළමුවැනි දවස?
    කැමැති නෑ ඒ ගැන කතා කරන්න. මං ගණිකාවක් වුණේ අවුරුදු තුනක අනියම් සම්බන්ධකමකින් පස්සෙ. එහෙම වුණේ මං රැුවටුණු හින්දා.
  •  රූපය ප‍්‍රසිද්ධයි. කටහඬ ප‍්‍රසිද්ධයි. දැන් දරුවො දන්නවද අම්මා ගණිකාවක් කියලා?
    තාම නෑ.
  •  දැනගත්තු දවසට?
    මං දරුවන්ට කියලා දෙනවා.
  •  මොනවද?
    අම්මගේ රස්සාව ගණිකා වෘත්තිය. ඒ රස්සාවෙන් තමයි දරුවනේ උඹලා ලොකු මහත් කළේ. මේක තමයි අපේ ජීවිතය. මේ ලැබිච්ච දේ සතුටින් භාර අරගෙන උඹලා හැදියල්ලා කියලා. සමහර විට මට අයහපතක් වේවි. නමුත්, රටට ලෝකෙට මේ වගේ ගණිකාවන්ට යහපතක් වේවි. ඒ මගේ අරමුණ උතුම් එකක් කියලා මං හිතනවා. මං කියනවා දරුවනේ මේ ගණිකා අම්මා තමයි උඹලට කන්න බොන්න දීලා මේ තරමට ලොකු මහත් කරලා යහපත් මිනිසුන් කළේ.
    මතක තියාගන්න. මේක ගණිකා වෘත්තිය සඳහා වන සටනක්. සම්බාහන මධ්‍යස්ථාන ගැන සටනක් නෙවෙයි. සම්බාහන මධ්‍යස්ථාන තුළ නීතියට පිටින් ගණිකා වෘත්තිය කෙරෙනවා. ඒකටත් හේතු තියෙනවා. සම්බාහනයට එන පිරිමි එන්නෙ ඇෙඟ් යට බාගෙ එළියෙ ගලවල තියලා නෙවෙයි. සම්බාහනය කරන ගෑනු ඒක කරන්නෙ ඇෙඟ් යටබාගේ එළියේ ගලවලා තියලා නෙවෙයි. ඉතිං මේවා කාන්දම් එකට එක ඇලෙන.
  • ඉතිං මේ වගේ තැන්වලටත් පොලිසිය පනිනවා. අපි ඉන්න තැන්වලටත් පොලිසිය පනිනවා. අපිව කුදලගෙන පොලිසියට ගෙනියනවා. අපිව පාවිච්චි කරනවා. අපේ මිල ගෙවන්නෙ නෑ. ඊට පස්සෙ උසාවි දානවා. දඩ ගස්සවනවා. හිරේ දානවා. අපි කියන්නෙ අපිට දඩ ගහන්න. හිරේ දාන්න. පොලිසියට ගෙනිච්චහම අපේ ගාණ අපිට ගෙවන්න.
  • මේවා අසාධාරණයි. අපි ළඟදීම වීදියට බහිනවා. වීදි සටන් කරනවා. පෙළපාළි යනවා. සන්දේශ භාර දෙනවා.
  • x සාමාජිකාවන් අටසීයෙම වාර්තා තියෙනවද ළඟ?
    ඔව්. අපි ගණිකාවන්ට තමන්ගෙ දරුවන් ආරක්‍ෂා කරගන්න උගන්වනවා. ගණිකාවන්ගේ දරුවො මේ වෘත්තිය කරන්න ඕන නෑ. මේක අම්මගෙන්ම ඉවර වෙන්න ඕන කියලයි අපි කියන්නෙ. දැන් කාන්තා හිංසන, ළමා අපචාර වැඩියි. ඒ ගැන දැනුවත් කිරීමත් අපේ එක් අරමුණක්.
  •  ගණිකාවන් වීමට කැමැති කට්ටියට අත දෙනවද?
    නෑ. ගණිකාවන් විතරයි අපි ගන්නෙ.
  •  ගණිකාවක් වීම ගැන දුක් වෙනවද?
    ඇත්තටම දුක්වෙනවා. අපි රජයට කියනවා දැන් අපේ දුක නිවන්න මේ ගණිකා වෘත්තිය නියාමනය කරලා.
  •  කාන්තා කාර්යාංශය විරුද්ධ වේවි?
    විරුද්ධ වෙලා ඒ අය අපිට කන්න බොන්න දෙනවද? අපේ දරුවන් ගැන බලනවද. මේ සිද්ධ වෙච්ච දෙයින් යහපතක් වුණා.
  •  දැනට අරමුදලක් තියෙනවද සංගමයේ?
    ඔව්.
  •  කාගෙ යටතේද ඒ?
    භාණ්ඩාගාරික භාරයේ. එයා පිරිමියෙක්. නම සංජීව.
  •  බැංකු ගිණුමක් තියෙනවද?
    ඔව්. වැඩි විස්තර බැහැ කියන්න.
  •  ඔබ හරහා සංගමයේ සාමාජික ගණිකාවක් මුදලට ගන්න පුළුවන්ද?
    බෑ. අපි ගණිකාවන් විකුණන්නේ නෑ. අපි මේ කරන්නේ ගණිකාවන් සැපයීමේ ව්‍යාපාරයක් නෙවෙයි.
  •  ඔයා කස්ටර්මස්ලා වර්ගීකරණය කරනවද?
    ඔව්.
  •  විස දෙබරුන්ට කැමැතිද?
    නැහැ.
  •  රූං කියන බඹරුන්ට?
    අපොයි නෑ.
  •  ගුම් ගුම් ගාන මී මැස්සන්ට?
    උන් මීවද බඳිනවා. කැමැති නෑ.
  •  එහෙනම් සමනලූ‍න්ට?
    අන්න හොඳයි.
  • ඒ ඇයි?
    රොන් ගත්තට රේණු තළන්නෙ නෑ. මලේ ලැග්ගට මල පොඩි කරන්නෙ නෑ. පියාඹලා ගියාට මල පරවෙන්නෙ නෑ. සමනලයගෙ රොන් ගැනිල්ල පේ‍්‍රමාන්විතයි.
  • මේ ගණිකාව පේ‍්‍රමවන්තියක් වෙලාද?
    අපිත් මිනිස්සු. සම්, ලේ, ඇට, මස්, නහරවලින් හැදිච්ච. අපි කන්නෙ ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි. අපේ ඇෙÛත් පේ‍්‍රමය තියෙනවා.
  •  වැරැුදියි – ඇෙඟ් තියෙන්නෙ රාගය?
    ඔව්. පේ‍්‍රමය තියෙන්නෙ හිතේ. රාගය තියෙන්නෙ ඇෙඟ්. එන කස්ටර්මස්ලා එන්නේ රාගය බලාගෙන. ඒ අයට පේ‍්‍රමය වැඩක් නෑ.
    කරුණා කරලා මේ ටිකත් ලියන්න. ආදරේ හොයාගෙන පිරිමියකුට අපි ළඟට එන්න කියන්න. ඒ ඇවිත් බලන්න කියන්න මොනවද වෙන්නෙ කියලා.
  •  ඔබ පේ‍්‍රමයෙන් තෙතබරිත වෙලාද?
    ඔව්. හැම ගැහැනියකගෙම හදවත රිදෙනවා. හිත කොඳුරනවා ආදරේ ඉල්ලලා. ගණිකාවටත් ඒක පොදුයි. ගණිකාවකගේ ආදරේට ලැගුම් ගන්න තැනක් නෑ. ඒත් ඒ ආදරේට පියාපත් තියෙනවා. ඉඟිල්ලෙන්න අත්තටු තියෙනවා. නමුත් හුළඟ නෑ. ඉතිං ගණිකාවන්ගෙ ආදරේ රිටන් වෙනවා. අපි ඒක හංගගන්නවා පපුව ඇතුළේ.
  •  ඔයාට මොනවද ඕන?
    ඩිංගිත්තක් හරි ආදරේ බිංදුවක්. ඒ ආදරේ ලැබුණොත් මගේ වස්තුව ඒ සමනලයගෙ දෙපතුල ළඟ මම පුදනවා. දන්නවද? ගණිකාවකගේ ආදරේ හරි ප‍්‍රබලයි. වන්දනීයයි. ඒකට වටිනාකමක් ගන්නයි මේ උත්සාහය. අඩුගානෙ ගෞරවනීය තත්ත්වයක්. ඒකටයි මේ සටන.

 

prostitude

අරුණඬේල් විජේරත්න