“පොලිස් සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවනවා” – ජනපති

මෙරට පොලිස් සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් නොඅඩුව ලබාදීම නව රජයේ අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට මෙන්ම යහපත් සමාජයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළේදීද පොලිසියේ කාර්ය භාරය සුවිශාල බව පැවසූ ජනාධිපතිතුමා එම වගකීම නිසි ලෙස ඉටු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කැපවනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් පළ කළේ ඊයේ (23) පස්වරුවේ ශී‍්‍ර ලංකා පොලිස් විද්‍යාලයේ විසිර යාමේ උත්සවයට කළුතර ශී‍්‍ර ලංකා පොලිස් විද්‍යාලයීය කි‍්‍රඩාංගණයේදී එක් වෙමිනි.12031451_10153605155016327_7605566291420547435_o 12034469_10153605154226327_4388976233520083906_o 12045338_10153605154411327_7386639126733308107_o 12045478_10153605154231327_3829959822788375578_o 12184137_10153605154156327_1712703280638211895_o 10988965_10153605154951327_4139805735538711426_o

ආධුනික සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු, ආධුනික උප පොලිස් පරික්ෂකවරුන් 186 දෙනෙකු, රාජ්‍ය බුද්ධි සේවය සදහා ආධුනික උප පොලිස් පරික්ෂකවරුන් 15 දෙනෙකු සහ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 202 ක් සහිතව අද දින විසිර ගිය ආධුනික නිලධාරින් සංඛ්‍යාව 406 කි.

එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ යහපත් සහ ශිලිචාර සමාජයක් ගොඩනැගීමේදී රජයක මූලික වගකීම විය යුත්තේ එම රටේ ජනතාව දුගී භාවයෙන් මුදා ගැනීම බවයි. රටේ සියලූ ජනතාව දුගී භාවයෙන් මුදාගෙන ඔවුන් ආර්ථික වශයෙන් සවිමත් කිරීම නව රජයේ අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා පොලිසිය ඇතුළු සියලූ ක්ෂේත‍්‍රවල දායකත්වය ඒ සදහා අවශ්‍ය බවද කියා සිටියේය.

පසුගිය යුධ සමයේදී පොලිස් දෙපාර්තමේන්තුව සිදු කළ කැපවීමටද මෙහිදී සිය කෘතවේදිත්වය පළ කළ ජනාධිපතිතුමා වර්තමානයේද රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් යහපාලනය සදහා වූ රාජ්‍ය ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේදී පොලිසිය දක්වන දායකත්වය වෙනුවෙන් සිය ස්තූතිය පිරිනැමීය.

විශිෂ්ටතා දැක්වූවන්ට තිළිණ හා සම්මාන ප‍්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

12030473_10153605154491327_7651889596564334526_o 11935153_10153605154536327_3926640723845975119_o 10480574_10153605154721327_3172987997466023687_o

නීතිය හා සාමය පිළිබද අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍යවරුන්වන රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිත පිරිසක්ද නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර, පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.