කරාතේ ශූරයා ඝාතනය කරයි

අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරු මෙලෙස කිසියම් පිරිසක් විසින් ඊයේ (24) රාති‍්‍රයේ කපා කොටා ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ රාති‍්‍ර 11 යි 45 ට පමණ මුහුණු ආවරණය කර ගත් පිරිසක් පැමිණ සමාජ ශාලාවේ හිමිකරුට සහ සේවකයන් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි.

එහිදී බරපතල තුවාල ලැබූ රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා නමැත්තා ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණා. එහිදී ඔහු මියගොස් තිබෙනවා.

කරාතේ ශූරයෙකුද වන ඔහු රූපවාහිනී රියැලිටි වැඩසටහනකින්ද ජයග‍්‍රහණය කළ අයෙක්. පහරදීම සඳහා පුද්ගලයන් විසිදෙනෙකු පමණ පැමිණ ඇති බවයි දැනට සිදු කෙරුණු විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ.

 

karate