ඉදිරි වසර 5 තුල නව රැකියා 40000 ක්

ආවේගශීලී තීන්දු තීරණ වලින් ශ්‍රී ලංකාව දියුණු කල නොහැකි බවත් අපේ රටේ සංවර්ධනය සදහා ජාත්‍යන්තරයේ සහයෝගය අනිවාර්යෙන් දිනා ගැනීමට අවශ්‍ය බව ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පසුගියදා කොග්ගල අපනයන සැකසුම් කළාපයේ කර්මාන්ත හිමියන් සහ සේවක මහත්ම මහත්මීන් හමුවු අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

නව රජයේ ආර්ථික සංවර්ධන වැඩපිළිවල යටතේ ඉදිරි අවුරැදු 5 තුල අපනයන ප්‍රවර්ධන කළාප 45 ක් තුල කර්මාන්ත 5000 ක් ඇති කිරීමට බලාපොරොත්තු වන අතර දැනටමත් ත්‍රිකුණාමලය ප්‍රෙද්ශය කේන්ද්‍ර කර ගනිමින් කොරියානු ආයෝජනයක් යටතේ නව අපනයන කලාපයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇත. මෙමගින් නව රැකියා 40000 ක් පමන ජනිත වනු ඇතැයි පවසන අමාත්‍යවරයා එය නව රජයේ රැකියා දශ ලක්ෂ වැඩපිළිවෙලට සමගාමීව සිදුවනු ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කරයි. නව ආයෝජන කලාප ඇති කිරීමේදී ඖෂධ නිෂ්පාදනය, කෘෂි කර්ම කේෂත්‍රය, වාහන නිෂ්පාදනය සහ අමතර කොටස් නිෂ්පාදනය යන කේෂත්‍ර සදහා වෙන වෙනම කලාප ඇති කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවද පැවසීය.

ගරැ ජනාධිපතිතුමාගේ නිව්යෝක් සංචාරයෙන් සහ අග්‍රාමාත්‍යතුමාගේ ජපාන සංචාරයෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව අපේ රට කෙරෙහි තබා ඇති විශ්වාසය පිලිබද සුබවාදී ආකල්ප ඇති කරගත හැකි අතර ඉදිරියේදී ඇමරිකාව සහ යුරෝපා රටවල් සමග සාකච්චා කර ජී එස් පී ප්ලස් සහනය මෙරටට ලබා ගැනීමට කටයුතු කරන බවත් එය මෙරට ඇගළුම් කර්මාන්තයේ යෙදී සිටින සියළු දෙනාටම සතුටු විය හැකි කාරණයක් වන බවද පැවසීය. එසේම ඉදිරියේදී අත්සන් කිරීමට නියමිත TRANCE FACIFIC PATNERSHIP ගිවිසුම තුලින්ද මෙරට ඇගළුම් කර්මාන්තය සදහා තවත් සහන ලැබීමට නියමිතය.

අද වන විට අපනයන සැකසුම් කලාප ආශ්‍රිතව පවතින ප්‍රබල ප්‍රශ්ණයක් වන සේවක ප්‍රශ්ණය විසදා ගැනීම සදහා කර්මාන්ත හිමියන්ගේ අදහස් මෙන්ම සේවක මහත්ම මහත්මීන්ගේ අදහස් හා ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්න සැලකිල්ලට භාජනය කර ඒ සදහා පුළුල් වැඩ පිළිවෙලක් යෙදීමට රජය කටයුකතු කරනු ඇත.

මෙහිදී සෑම විටම මෙම ප්‍රශ්ණ දෙස පසුගාමීව කල්පනා නොකර සේවකයන්ට ලක්ෂ ගනනක් වැටුප් ගෙවමින් අධික මිල ගනන් වලට අමු ද්‍රව්‍ය ලබා ගනිමින් තම නිස්පාදන කටයුතු සිදු කරන විදේශීය සමාගම් වල ක්‍රියා කලාපය අප අධ්‍යනය කල යුතුව ඇත.

රටේ වත්මන් දේශපාලනික පරිසරය නව ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතාම සුදුසු තත්වයක පසුවන අතර මෙතෙක් මේ රටේ ආර්ථිකය හසුරැවනු ලැබු පුදුගලයන් බැංකු පොලී අනුපාතයට සහ ඩොලරයට සාපේක්ෂව රැපියල සදහා කෘතිම අගයක් ලබා දී තිබු අතර ඒ .තත්වය රටකට එතරම් සුභදායී නොවේ. එසේ ආර්ථිකය කෘතිමව පාලනය කිරීමට ගිය ස්පාඥ්ඥය, ග්‍රිසිය සහ අයිස්ලන්තය යන රටවල ආර්ථිකය කඩා වැටීමට ලක් විය. නමුත් රජයේ නව ආර්ථික වැඩ පිලිවෙල යටතේ බැංකු පොලී අනුපාතය සහ ඩොලරයට සාපේක්ුෂව රැපියල රජයේ ඇගිලි ගැසීමකින් තොරව ස්වාධිනව මිල තීරණය වේ. ඒ තුලින් රටේ මුදල් සංසරණය වැඩි වී ආර්ථිකය තුල නිෂ්පාදන හා සේවා කේත්‍රය පුළුල් වේ.

එසේම විදේශීය ආයෝජකයන් කිසියම් රටක තම ආයෝජන සිදු කිරීමේදී එම රටේ දේශපාලන ස්ථාවරභාවය සහ එරට දේශපාලකයන්ගේ විනිවිදභාවය කෙරෙහි දැඩි සැලකිල්ලක් දකවන අතර වත්මන් අග්‍රමාත්‍ය ගරැ රනිල් වික්‍රමසිංම මැතිතුමාගේ නව රජයේ නාස්තිය, දුෂණය, අල්ලසට සහ ඥාති සංග්‍රහයට ඉඩක් නොලැබෙන අතර එය අද වන විට මෙරට ව්‍යාපාර කේෂත්‍රෙය් දැඩිව කතා බහට ලක් වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාව සදහා ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ උසස් නිළධාරීහු ඇතුළු සේවක මහත්ම මහත්මීන් සහ කොග්ගල අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත හිමියන් සහ එහි සේවකයන් විශාල පිරිසක්ද සහභාගී වුහ.

10668963_491151927729571_8777911284927429027_o 11036487_491151871062910_2235491760347833733_o 11210482_829490177119854_59822197611982616_n 11935153_491151824396248_1506962777947794528_o 12017436_491150644396366_4844893125596262621_o 12017561_491149414396489_2872637020877827139_o 12017561_491150411063056_8841477200747794852_o 12028757_491150697729694_8352289793489230787_o 12029713_491151391062958_9218808421451066210_o 12029840_491151397729624_4764990182276490710_o 12031397_491150187729745_645332758208597577_o 12045551_491150454396385_3896709066903674841_o 12140981_491148947729869_4341758035241661042_o