රයිනිගේ ‘නොබලා මා දිහා’ ගීතය

රූප රචනයක් පැමිණ නොමැති වුව ද රයිනි චාරුකා ගුණතිලකගේ “නොබලා මා දිහා” ගීතය බොහෝ ජනප්‍රිය ගීතයකි. එසේ ම එම ගීතයේ male version සම්බන්ධයෙන් ද මේ වනවිට දැඩි අවධානයක් යොමු ව තිබේ.

එම ගීත දෙකේ ම රූප රචනා ඉදිරියේ දී පැමිණීමට නියමිත බව රයිනි චාරුකා මාධ්‍ය වෙත සඳහන් කර ඇත. එම වීඩියෝව එකම Story එක Movie එකක් ලෙස නිර්මාණය කිරීමට ඔවුන් අපේක්ෂා කරන බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක් වූ රයිනි චාරුකා,

“ඇත්තටම දැන් ‘නොබලා’ කියන ගීතය ගොඩක් අය දන්නේ නැහැ ඒක කොහොම ද ඒක Create වුනේ කියලා. ඇත්තටම සිංදු දෙකක්. ඒ කියන්නේ Male සහ Female Version එක. අපි දෙගොල්ලෝම එක වෙලාවේ තමයි Release කළේ. අනිත් කෙනා අලුත් ගායකයෙක්. ඉතිං ඒක නිසා මගේ එක පොඩ්ඩක් ඇහුනා වැඩියි කියලා මං හිතනවා. ඉතිං ඒක නිසා ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේකේ අයිතිය මටත් සහ ඒ අනික් ගායකයා හර්ෂ දේවටත් තියෙනවා කියලා. අපි වීඩියෝ එක කරන්න තීරණය කර ගත්තා එකම Story එක Movie එකක් වගේ. ඉතිං දැන් Movie එකේ First Part එක තමයි ‘නොබලා මා දිහා’  Male Version එක අපි දාලා තියෙන්නේ Video එකට. පළවෙනු කොටසෙන් පස්සේ තමයි මගේ කතාවේ ඉතුරු ටික එන්නේ මගේ Version එකත් එක්ක. ඉතිං පොඩි Confusion එකක් හැමෝටම. හැබැයි ඒක අපි දෙන්නාම එකට Release කරලා එකට වැඩකරන සිංදුවක්.” යනුවෙන් සඳහන් කළා ය.