ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය ගනී

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී අද (26) අවසන් වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 72 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව මෙම තරගාවලිය තරග 2 – 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ඉකුත් 22 වැනි දා අරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 200 ක් රැස් කර ඇත.

ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163 ක් පමණි.

නැවතත් තම දෙවැනි ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට එවර ද සියල්ලන් දැවී රැස් කිරීමට හැකිවූවේ ලකුණු 206 ක් පමණි.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට ලකුණු 244ක් ඉලක්කයක් හිමි විය. කෙසේ වුව ද සියල්ලන් දැවී ඔවුන්ට රැස් කිරීමට හැකිවූවේ ලකුණු 171 ක් පමණි.

තරගයේ වීරයා ලෙස මිලින්ද සිරිවර්ධන සම්මාන දිනාගත් අතර, තරගාවලියේ වීරයා ලෙස රංගන හේරත් සම්මාන දිනා ගන්නා ලදී.

won