U.N. 70වන සංවත්සරය ජනපති සහභාගිත්වයෙන්

ලෝක සාමය, ආරක්ෂාව සහ සහයෝගිතාවය වෙනුවෙන් ක්‍රියා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන සංවත්සරය සැමරීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 24 දින පෙරවරුවේ කොළඹ පිහිටි මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවති උත්සවයට සහභාගී විය
උත්සව අවස්ථාවට සහභාගි වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ශී‍්‍ර ලංකාවේ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සම්බන්ධීකාරක සහ මෙරට නියෝජිත සුබිනෙයි නන්දෙයි මහතා (Mr. Subinay Nandy) විසින් උණුසුම් ලෙස පිළිගත් අතර ගත වූ මාස කිහිපය තුළ යහපාලනය, සංහිඳියාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ මැදිහත් වීම හා අධීක්ෂණය යටතේ සිදුවූ සිදු කළ වෙනස්කම් ඇගයීමට ලක් කළේය.
එසේම ශී‍්‍ර ලංකා නව රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග වඩා මිත‍්‍රශීලි ලෙස කටයුතු කිරීම පිළිබඳ ව ඔහුගේ පැසසුමට ලක්වූ අතර පොදුවේ පවතින දරිද්‍රතාවය, සංවර්ධනය, සාමය සහ සංහිදියාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහයෝගය තවදුරටත් ශී‍්‍ර ලංකාවට ලබාදෙන බව තහවුරු කළේය. එම උත්සවයට සහභාගිවෙමින් ලෝක සාමය, ආරක්ෂාව සහ රාජ්‍යන් අතර සහයෝගීතාවය ගොඩනැගීම වස් හැත්තෑ වසරක් පුරා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකරන ලද කාර්යභාරය ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.
එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධව මෙරට පවතින උප සංවිධාන 26 දායකත්වය පිළිබඳ ව සඳහන් කළ ජනාධිපතිතුමා මානව සංවර්ධනය, සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීම, පශ්චාත් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, ආර්ථික සංවර්ධනය වැනි කරුණුවලට අදාළ ව ඔවුන් විසින් සිදුකරන ලද භූමිකාව පැසසුමට ලක් කළේය.
යහපත් ජීවන තත්ත්වයක් ඇති කිරීමට සමාජ, ආර්ථික, සංස්කෘතික කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මානුෂවාදී ආයතනයක් ලෙස සිදුකරන කාර්යභාරය පිළිබඳ ව ශී‍්‍ර ලංකාව අතිශය තෘප්තිමත් බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
ආර්ථික සහ සමාජ සංවර්ධනය උදෙසා ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයේ අඛණ්ඩ සහ කි‍්‍රයාකාරි සහාය තවදුරටත් අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අප රටට සිදු කරන ලද මෙහෙය වෙනුවෙන් තම සුභාශිංසන ද පිරිනැමීය.
එහිදී මේ දිනවල ශී‍්‍ර ලංකාවේ සංචාරයක නියුතු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් මිරොස්ලෙව් ජෙන්කා (Miroslav Jenca)  මහතා ඇතුළු සම්භාවනීය රාජ්‍ය තාන්ති‍්‍රකයන් කිහිප පළක් සමඟ ම සුහද කථා බහ නිරත විය.
මෙම උත්සව අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ද, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් ද, රාජ්‍ය තාන්ති‍්‍රකයන්හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරින් රැසක් ද සහභාගි වූහ
10480574_10153605154721327_3172987997466023687_o 10534727_10153606517716327_5557681127114605233_n 12039014_10153606517931327_4037374309555615724_o 12052545_10153606517916327_6282649293105277629_o 12140859_10153606518371327_756796623435544284_o 12185345_10153606517701327_1050650803340060386_o 12186360_10153606517451327_7166290499915427540_o