බුර්කාව හෑදි රොක් කාන්තාව

බුර්කාව සහ ඉලෙක්ට්‍රොනික් ගිටාරය අතර සම්බන්ධය අපිට ටිකක් තේරුම් ගන්න අමාරුයි. ඒවගේම අපි කවුරුත් ඉලෙක්ට්‍රොනික් ගිටාරයක් වයන බුර්කාවක් ඇදගත් මුස්ලිම් කාන්තාවක් කොහොමවත් දකින්න බලාපොරොත්තුවෙන්නෙ නැහැ. ඒත් ජිසෙල් මාරිට නම් ඒ කතාව අදාල නෑ.

 42හැවිරිදි මාරි බ්‍රසීල ජාතික කාන්තාවක්. ජර්මානු කතෝලික භක්තිකයෙක් වූ ඇය පසුව මුස්ලිම් ආගම වැළඳගෙන තිබෙනවා. සංගීතය ඇගේ පවුලේ අභාෂයෙන් පැමිණෙන දෙයක්. කුඩා කාලෙ ඉදලම සංගීතය හදාරපු මාරි 2012 වසරේදී “Spectrus”නම් heavy metal band වර්ගයේ සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙනවා.මාරි කියන විදිහට ඇය බුර්කව අදින්නෙ තමන්ගෙ දෙවියන් නිතර සිහිකිරීමේ අරමුණින් සහ නිතරම සිහියෙන් කටයුතු කිරීමේ අරමුණ සහිතවයි. ඒවගේම බුර්කාව හැදීම නිසා වේදිකාව තුළදී ඇයට ලැබෙන ප්‍රතිචාරත් විවිධයි. ආගම හරහා ඇය ජීවිතයේ ආශාව සහ තමන් තමන්ට අනන්‍ය වන්නේ කෙසේදැයි  සෙවීමට උත්සාහ ගන්නවා.

සමහර මුසිල්ම් ජාතිකයන් මේ කටයුත්ත ගැන එතරම් යහපත් ආකල්පයක් දක්වන්නෙ නැති උනත් ආගම සහ සංගීතය එකට මුසුවීම වරදක් ලෙස ඇය දකින්නෙ නැහැ. ලෝකයේ විවිධ ආගම්වලට අයත් වගේම ආගම් අදහන්නෙ නැති මිනිස්සුත් විවිධ සංගීත සම්ප්‍රදායන් හදාරනවා. ඒවගේම  මාරිගේ සංගීත කණ්ඩායම තුළත් විවිධ ආගම්වලට අයත් පිරිස් සිටින නිසා මාරි එය හදුන්වන්නෙ ආගම් අතර සංහිදියාව ඇති කරන තැනක් විදිහටයි.

Q_R5ChVKlRml3tKGh9ARAJkLNj1vQ750PQ5ULYn5oT25soq0_byAisL1JwsZT417LDbiSxWkTOLAj4Y06FuMQm4r4l_iGf0rZ9_e8MLJICFVFst9sNfh6I0ZR-68AUXb 2CA89ABD00000578-3246266-image-a-24_1443015389440 burqa-marie2 burqa-marie3

sathhada