අඩි 80 ක් උස රණවිරු ස්මාරකය විවෘත කිරීම ජනපති අතින්

පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ ඉදිකෙරුණු අඩි 80 ක් උස රණවිරු ස්මාරකය විවෘත කිරීම 26 දින පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.

1900 වර්ෂයේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නිරතව සිටියදී මියගිය සාමජිකයින් 3868 දෙනෙකගේ නම් ඇතුළත් කොට අඩි 80 ක් උසැති මෙම ස්මාරකය ඉදි කොට ඇත.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වෙත ජනාධිපති වර්ණ හා රෙජිමේන්තු වර්ණ ප්‍රදානය කිරීමත්, පළමුවන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ දෙවන ශ්‍රී ලංකා ස්වේච්ඡා පාබල හමුදා ඒකකයන් වෙත ජනාධිපති වර්ණ සහ ඒකක වර්ණ ප්‍රදානය කිරීමත් මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඊට අදාළව සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමාගේ විශේෂ පණිවිඩය ඉදිරිපත් කිරීමද සිදු කෙරුණු අතර ඉන් අනතුරුව ජනපතිතුමන් විසින් උත්සව සභාව අමතන ලදී.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන බුලත්සිංහල, හිටපු යුධ හමුදාපතිවරුන් වන ජෙනරාල් දයා රත්නායක, ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථාන ආඥාපති මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා ඇතුළු යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

905557_10153609911521327_6027454591884940745_o 905560_10153609910516327_8081293173505935992_o 11049549_10153609910911327_4133592828902979522_n 11229304_10153609912106327_8128927994537971035_o 11232297_10153609912151327_4233477616125538075_o 12030438_10153609912391327_6836956819516705019_o 12045214_10153609911541327_6913571407482390631_o 12132524_10153666134079643_4991911338394390527_o 12184038_10153609910541327_2390797202694865451_o 12184249_10153609912211327_3762732273980189198_o 12185217_10153609910916327_480953048477503466_o