අධිරාජ්‍යවාදී ප්‍රහාර වලට එරෙහි උද්ඝෝෂණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (28) කොල්ලූපිටියේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය. ඒ, සිරියාවේ සිදුවන ජන සංහාරය නතර කරන ලෙස සහ කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස අමෙරිකානු රජයට බලකරමිනි.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසුවේ ලෝකය පුරා රටවල් ගණනාවකට ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී රටවල් යුද්ධ ඇති කරමින්, විවිධ සම්බාධක පනවමින්, දේශපාලනිකව මැදිහත්වෙමින් එම රටවල ස්වාධීනත්වය අහිමි කරමින් අධිරාජයාවාදී මැදිහත්වීම් සිදුකරමින් සිටින බවයි.මෙම මැදිහත්වීම්වල ප්‍රථිපලයක් ලෙස සිරියාව තුළ ඇතිවූ යුද්ධයෙන් විශාල පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් අවතැන්ව සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය.

DSC_3182 DSC_3198 DSC_3201 DSC_3202 DSC_3204 DSC_3206 journal