කොළඹ හතට වඩා ගමේ ඉන්න ක්‍රීඩකයින්ගේ හයිය ශක්තිය වැඩියි.

Save the sports සංවිධානය සහ සිරස රූපවාහිනි ආයතනය එක්ව සංවිධානය කල “ගමට ක්‍රීඩා පුහුණු කදවුර” පාසල් කීපයක සහභාගිත්වයෙන් 23 දින ක්‍රිස්තුරාජ ජාතික පාසල් ක්‍රීඩා භූමියේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන පුහුණුකරු හා ප්‍රධාන ආරාධිත ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මැතිතුමා සහ ජාතික මට්ටමේ පුහුණුකරුවන් රැසක් සහභාගී විය.
එහිදී අදහස් දැක්වු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේ වරායේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි ගෞරවයක් ලබා දීමට හිටපු පාලනාධිකාරිය අසමත් වූ බවයි.“ඉහළ දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සිටිනවා. නමුත් පසුගිය කාලේ ඔවුන්ට නිසි සැලකීමක් තිබුණේ නැහැ. නමුත් අද ඒ ක්‍රමය අපි වෙනස් කරලා තියෙනවා. වරාය අධිකාරියේ ක්‍රීඩා කණ්ඩායමට අද අපි අවශ්‍ය දේ ලබා දෙන්න උත්සාහ කරනවා. ජාතික කණ්ඩායම් නියෝජනය කරන මේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අත්දැකීම් ගමේ සිටින දරුවන්ට ලබා දෙන්නත් අපි උත්සාහ කරනවා…..” යනුවෙන්ද එතුමා වැඩිදුටත් පැවසීය.
පුද්ගලයින්ට තනතුරු ලබා ගැනීම සඳහා වරාය ක්‍රීඩා ඒකකය යොදා ගැනීමේ සංස්කෘතිය අවසන් කරන බවද  අර්ජුන රණතුංග මැතිතුමා පැවසිය.
ගමට ක්‍රීඩා වැඩසටහන ආරම්භයේදී කඳවුරට සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පෞර්ෂ සංවර්ධන දේශනයක් පැවැත්වුණ අතර ඉන් පසුව ක්‍රිකට්, බැඩ්මින්ටන්, පාපන්දු, වොලිබෝල්, බාස්කට්බෝල්, නෙට්බෝල්, මල්ලවපොර සහ මළල ක්‍රීඩා පුහුණුව සිදු විය. ක්‍රිකට් පුහුණු කඳවුර මෙහෙය වූයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතායි. පන්දුවට පහර දීමේදී සහ පන්දු යැවීමේ මූලික සිද්ධාන්ත මෙන්ම විශේෂඥ දැනුමද එතුමා ක්‍රීඩකයින්ට ලබා දුන්නේය. කඳවුරට එක් වූ පුහුණුකරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් අමතමින් අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දැන් දැඩි ලෙස කඩා වැටී ඇති බවයි.
“ක්‍රීඩාවට උප්පත්තියෙන් දක්ෂතා දක්වන දරුවෝ මේ රටේ ඉන්නවා. මම ඉතාමත් වගකීමෙන් කියනවා කොළඹ හතේ ඉන්න ක්‍රීඩකයින්ට වඩා ගමේ ඉන්න ක්‍රීඩකයින්ගේ හයිය ශක්තිය සහ මානසිකත්වය ගොඩාක් වැඩියි. අපි ඒ දරුවන්ට මේ රටේ ඕනෑම ක්‍රීඩාවකින් ඉහළට යාමේ මාර්ගයක් දැන් හදාගෙන යනවා. 1996දී අපි හැදුවේ දක්ෂතම කණ්ඩායම නෙමෙයි. ඊට වඩා දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න ඇති. නමුත් අපි කණ්ඩායම තෝරන විට බැලුවේ රට ගැන රට මූලිකත්වය ගෙන ක්‍රියා කරන මුදල සහ තනතුරු දෙවැනුව සිතන ක්‍රීඩකයින්. නමුත් අද අවාසනාවකට එය වෙනස් වෙලා. අද මූලිකත්වය ගන්නේ මුදල්. අම්ම, තාත්තා, පුතලා, දූලා දාලා සල්ලි උපයන්න පුළුවන් නම්, මේ දරුවන්ට සුදුසු නැති කෑමක් බීමක් හරි පෙන්නලා සල්ලි හම්බ කරන්න පුළුවන්නම් එයත් කරන ක්‍රීඩකයින් අපේ රටේ දැන් සිටිනවා. එය අවාසනාවන්ත තත්ත්වයක්. මම ඒකට දොස් කියන්නේ නෑ. ඒකට වගකියන්න ඕන ඒජන්තවරුන්. අද ඇතැම් ක්‍රීඩකයෝ තමන්ගේ අම්මා තාත්තා ගැන කථා කරන්නේ නෑ. ඒජන්තවරුන් ගැන කථා කරන්නේ…….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා එහිදී පැවැසීය
cvbvfbn 12184187_10153476878004130_8608433162340357610_o 12182535_10153666132104643_2503602211227520900_o 12182480_10153666134329643_3517141522813613292_o 12132524_10153666134079643_4991911338394390527_o 12087108_10153666134319643_151640918209364309_o 12052564_10153666133994643_1876240039983980246_o 12032837_10153666132109643_6672528286655212697_o 12032823_10153666130444643_6305587498540199372_o 12029816_10153666132159643_200247315010390379_o 12029575_10153666131419643_4784295547979075931_o 12028807_10153666131929643_3255723812005387285_o 11116401_10153666131829643_3298860992270376991_o 10926341_10153666133429643_1571227787559723296_o 10496030_10153666133464643_5000269668128695141_o 10469532_10153666133444643_4931137804528629733_o 887510_10153666130114643_7845125118860955878_o