ගිනස් වාර්තා තැබු කරාටේ ශූරයා ඝාතන කල්ලියේ 6ක් අත්අඩංගුවේ

ගිනස් වාර්තාලාභි ප්‍රකට කරාතේ උපදේශකවරයෙකු වන අනුරාධපුර නගරයේ පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරුවන ඇලෙක්සැන්ඩර් වසන්ත වික්‍රමද සොයිසා මහතා කපා කොටා ඝානතන කර  එකි සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු  තිදෙනෙකුට තුවාල සිදු කර මිලියන ගණනක දේපළ වලට අලාභහානි කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකැකරුවන් හය දෙනෙකු ලබන මස 6 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසුරිය මහතා ඊයේ (27) නියෝග කර තිබේ.