නිරුවතින් ලෝක වාර්තාවකට ගත් උත්සාහය

පුන්‍යායතනයකට මුදල් එක්රස් කරන ක්‍රියාකාරීන් පිරිසක්  නව ලෝක වාර්තාවක් බිහි කිරීමට පසුගිය සති අන්තයේ නිරුවතින්ම රෝලකොස්ටරයකට ගොඩ වුනා.

එනගලන්තයේ එක්සෙස් ප්‍රාන්තයේ adventure Island යනුවෙන් හැදින්වෙන උද්‍යානයේ තමයි ඔවුන් මේ විදියට සම්පුර්ණ නිරුවතින් රෝලර්කොස්ටර් යතුරු පැදි මතට ගොඩ වුනේ.

BBC.com වෙබ් අඩවියට අනුව මෙම ක්‍රියාකාරීන්ටලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණට යාමට නම් හැකි උනේ නෑ. මෙම අවස්ථාවට කාන්තා හා පිරිමි 122 ක් සහභාගී වීමට නියමිතව තිබුනත් එදින එයට සම්බන්ද උනේ 57 ක් පමණයි. මෙම ලෝක වාර්තාව තබා තිබුනේ 2010 වසරේ adventure Island හිදී කාන්තා පිරිමි 102 ක් සහභාගී වෙමිනුයි.

එම පිරිසට ඉලක්කය වෙත ළඟා වීමට නොහැකි වී ඇතිමුත් පුණ්‍යායතනය වෙනුවෙන් පවුම් දසදහසක අරමුදල් එක් රැස් කිරීමට හැකි වී තිබේ.

ඔවුන් එක රැස්කල මෙම මුදල් පිළිකා රෝගීන්ගේ ශුභ සිද්ධිය උදෙසා  බැර කෙරෙන බව සඳහන්.

බ්‍රිතාන්‍යයේ නන් දෙසින් සිට පැමිණි පිරිස් මෙම අභියෝගය ජය ගැනීමට ඉදිරිපත් වී සිටියහ.

‘නන්නාදුනන පිරිසක් ඉදිරියේ ඇදුම් සියල්ල ගලවා දැමීම පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ. ඒ සියල්ල විඳ දරා ගෙන මෙවැනි විශාල මුදලක් රැස් කරන්න එඩිතරව ඉදිරියට පැමිණි සියලු දෙනාටම ස්තුති කරනවා’ පුණ්‍යායතනයේ සාමාජිකාවක් වන ලුසී තෝමස් පැවසුවාය.

Sophie-Bran-21-and-Chelsy-Pryhe Ruby-May-Radcliffe18-takes-part-in-a-naked-roller-coaster-ride-record-attempt-in-aid-of-charity-at-Adventure-Island-in rlll (4) People-take-part-in-a-naked-roller-coaster-ride-record-attempt-in-aid-of-charity-at-Adventure-Island-in-Southend-Essex 630x355

www.travelpl