63 වන ජාතික බැඩ්මින්ටන් ශුරතා තරගාවලියේ සමාප්ති උත්සවය ඊයේ (27) අනුරාධපුර මයික් කුක් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අනුරාධපුර නගරසභා බැඩ්මින්ටන් කී‍්‍රඩාංගණයේදී සහ මයික් කුක් ගෘහස්ත බැඩ්මින්ටන් කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම ජාතික ශූරතාවලියේදී නිලූක කරුණාරත්න විසින් විවෘත පිරිමි ශූරතාව ද තිළිණි හෙන්දහේවා එහි කාන්තා ශූරතාව ද දිනාගැනීමට සමත් වූහ.
එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.ඩී. දිසානායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වූහ.