නාලන්දා කීර්ති ශ‍්‍රී සම්මානය ගුවන් හමුදාපතිතුමන්ට

කොළඹ නාලන්දා විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවය ඊයේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
නාලන්දා විද්‍යාලය විසින් වාර්ෂිකව ලබාදෙනු ලබන කීර්ති ශ‍්‍රී සම්මානය මෙවර විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු වන වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා වෙත ගරු අධ්‍යාපන අමාත්‍යතුමන් වෙතින් පිරිනැමුණු අතර මෙම අවස්ථාවට නාලන්දා විද්‍යාලයීය විදුහල්පතිතුමන්, ගුරුභවතුන්, ආදිශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මෙම සම්මානය නාලන්දා විද්‍යාලයේ වසරකට වරක් දීප්තිමත්ම ආදි ශිෂ්‍යයාට පිරිනමනු ලබන අතර සම්මාන උළෙල නාලන්දා විද්‍යාලයේ ආදි බාලදක්ෂ සම්මේලනය හා එක්ව විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුමණ්ඩලය හා සිසු දරුවන් විසින් සංවිධානය කරන ලදී.

මෙවර නාලන්දා විද්‍යාලීය 2014 විශිෂ්ටතම නාලන්දා පුත‍්‍ර සම්මානය ගොඩ බද්දගේ රඛිත දිල්ශාන් මාලේවන ශිෂ්‍යයා ලබා ගත් අතර නාලන්දා විද්‍යාලීය (කනිෂ්ඨ ) 2014 විශිෂ්ටතම නාලන්දා පුත‍්‍ර සම්මානය ලබා ලගත්තේ අනුක් ඉන්දීප විතානගේ ශිෂ්‍යයාය.
Akila Viraj (1) Akila Viraj (2) Akila Viraj (3) Akila Viraj (4) Akila Viraj (5) Akila Viraj (6) Akila Viraj (7)