යහපත් සෞඛ්‍ය පුරුදු සඳහා පා ගමනක්

යහපත් සෞඛ්‍ය පිළිබඳ සමාජයේ සහ පාසල් දරුවන්ගේ අවධානය යොමු කිරීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයේ යුනෙස්කෝ සංගමය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුනිසෙෆ් සංවිධානය ඒකාබද්ධව සංවිධානය කළ හාට් බීට් 2015 පාගමන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ග‍්‍රීන්පාත් සිට කොළඹ රාජකීය විද්‍යාලය දක්වා පසුගියදා (24) පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්ම ප්‍රධාන මැති ඇමතිවරුන් බොහොමයක් මේ අවස්ථාවට සහභාගී විය. ඒ අතර ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්,  රාජිත සේනාරත්න, දයා ගමගේ, හර්ෂණ රාජකරුණා, සාගල රත්නායක, ජයම්පති සූරිආරච්චි, ඉසුරු දේවප්‍රිය, ඉරාන් වික්‍රමරත්න,  දහම් සිරිසේන හා තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේ යන මැති ඇමතිවරුන්ද රාජකීය විද්‍යාලයීය සිසුදරුවන් ද, ආරාධිත පාසල් සිසු දරු දැරියන් ද, ගුරුවරුන් සහ දෙමව්පියන් ද විශාල පිරිසක් සහභාගී වූහ.

 

887531_10153700345539060_2755585888336991734_o 12132605_695817857184390_1959598587842698614_o 12184114_695817850517724_6107988066999330868_o 12188224_695817740517735_2613347928230968352_o 12191243_695817560517753_4988765373958378403_o