කරාටේ වසන්තගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට

අනුරාධපුර සමාජශාලා හිමියෙකු මෙන්ම ප‍්‍රකට කරාටේ ශුරයෙකුව සිට ඝාතනයට ලක්වූ වසන්ත ද සොයිසා හෙවත් ‘කරාටේ වසන්ත’ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ‘එස් එෆ් ලොක්කා’ හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත නගරය ආසන්නයේදී මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදී රාත‍්‍රී 7.30 ට පමණ මොහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගත් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගියදා මෙම ඝාතනය සිදුවීමත් සමග අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ප‍්‍රධාන සැකකරු ලෙස හඳුන්වන ‘එස් එෆ් ලොක්කා’හෙවත් ඉරෝන් රණසිංහ නමැති අය ප‍්‍රදේශයෙන් අතුරුදහන්ව සිටියේය.