පූජිත ජයසුන්දර වැඩබලන පොලිස්පතිවරයා

බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා නිල සංචාරයක් සඳහා උගන්ඩාව බලා පිටත්වයාම හේතුවෙන් මෙලෙස වැඩබලන පොලිස්පතිවරයා ලෙස පුජිත ජයසුන්දර මහතා පත්කර ඇති බව සඳහන්ය.

අද සිට ලබන පස්වැනිදා දක්වා ඔහු වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට නියමිතය.