ජනාධිපති තායිලන්තයේදී හරසරින් පිලිගැනේ

තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රියුත් චාන්ඕටා මහතාගේ විශේෂ ආරාධනයක් මත දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන ඊයේ (01)  පස්වරුවේ තායිලන්තයේ “ස්වර්ණභූමි” ගුවන්තොටුපල වෙත ලගා වි ඇත.

හමුදා උත්තමාචාර මධ්‍යයෙහි  තායිලන්ත උප අගමැති සොම්කිබ් ජෙටුශ්‍රී ටිටක් මහතා සහ මෙරට විදේශ කටයුතු ඇමති ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් විසින් මහත් හරසරින් ජනාධිපතිතුමා පිළිගෙන ඇත.

තායිලන්තයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චෑන්-ඕ-චා ( Prayut Chan-o-cha ) මහතා අතර නිල හමුව අද (02) පෙරවරුවේ තායිලන්ත අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි

ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමියන් වහන්සේ හා මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රී ලංකාවේ සිට තායිලන්තය වෙත වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ගුවන්තොටුපලේ සංවිධානය කොට තිබු විශේෂ ආගමික වතාවත් වලට ද ජනාධිපතිතුමා එක්වී ඇති බව වාර්තා වේ.