අන්තර් සංගම් දැල්පන්දු ශුරතාව වෙළෙඳ සේවා පිලට

කුලියාපිටිය ‍‍‘‘ශිල්ප ශාලිකා‘‘ පිටියේ දී අන්තර් සංගම් දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගය පසුගිය සඳුදා (01) නිමාවට පත්විය. රාජ්‍ය සේවා දැල්පන්දු කණ්ඩායම ලකුණු 37-32 කට පරාජය කරමින්‍ වෙළෙද සේවා දැල්පන්දු කණ්ඩායම මෙහිදි ජයග්‍රහණය හිමි කරගත්තේය.

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය, ක්‍රිඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් සංවිධානය කළ මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ඊයේ පස්වරුවේදී ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වසර දෙකකට පසුව දැල්පන්දු සංගමය තරගාවලිය සංවිධානය කිරීමට සමත් වුවත් ඊට කණ්ඩායම් සහභාගිත්වය අවම මට්ටමක පැවැතිණි.ශ්‍රි ලංකා දැල්පන්දු සංගමයේ දිස්ත්‍රික් හා අනුබද්ධ සංගම් ගණන 32ක් වුවත් කුලියාපිටිය තරගාවලියේ සහභාගිත්වය කණ්ඩායම් 12කට සීමා වී තිබුණි.

මෙම අවස්ථාවට දැල්පන්දු සංගමයේ සභාපතිනි යසා රාමචන්ද්‍ර, නියෝජ්‍ය සභාපතිනි යස්මින් ධර්මරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු එහි ප්‍රධානීහූ රැසක්ද සහභාගී වූහ

Photo Sizing_0000_12184131_10153660012433080_2234040593837893411_o Photo Sizing_0001_12195057_733240766807782_7790483790745337619_o Photo Sizing_0002_12193475_10153660012443080_7876779890362432967_n Photo Sizing_0003_12189823_10153660012428080_1138506294402135093_n Photo Sizing_0004_12185060_10153660012438080_5060977820626881463_o