සීෂෙල් ශ්‍රී ලංකා ගිවිසුමෙන් රැකියා අවස්ථා රැසක්

ශ්‍රී ලංකාවේ ෂිෂෙල් රාජ්‍යයේ තනාපති පිලිප්පෙ ලේගල් (Phillippe Le Gall) මහතා හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (02) විදේශ රැකියා අමාත්‍යංශයේදී හමුවූ අතර එහිදී ඉදිරියේදී දෙරට අතර විදේශ රැකියා සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.

මේ සදහා තලතා අතුකෝරළ මහත්මිය සමඟින්, විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් G.S. විතානගේ මහතා, විදේශ රැකියා එජන්සි සමාගමේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න, විදේශ රැකියා අමාත්‍යාංශයේ උපදේශක පද්මිණි රත්නායක යන මහත්ම මහත්මීන් සහභාගීවිය

ඒ අනුව, සීෂෙල් රාජ්‍යයේ හෝටල්, ඉදිකිරීම්, හෙද හා ගුරු වෘත්තිය ආශ‍්‍රීත රැකියා අවස්ථාවන් මේ හරහා ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට ලැබෙනු ඇත. සීෂෙල් රාජ්‍යයේ කම්කරු අමාත්‍යංශය හා විදේශ රැකියා අමාත්‍යංශය අතර මෙම ගිවිසුම ඇති කර ගැනීමට නියමිත අතර ඒ හරහා මෙරටට ආර්ථිකමය වාසියක් ලබාගැනීමට හැකිවන බව තානාපතිවරයා සඳහන් කළේය.

Photo Sizing_0000_12183863_733240620141130_5927435616888960305_o Photo Sizing_0001_12188104_733240680141124_6426389355604449524_o Photo Sizing_0002_12186852_733240763474449_6616051937014877617_o