කුමාර් ගුණරත්නම් 18 දක්වා රිමාන්ඩ්

අද 4දහවල්  කෑගල්ල පොලීසිිය විසින් අත්අඩංගුවට ගත් කුමාර් ගුණරත්නම් කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 18වනදා දක්වා රිමාන්ඩ් බාරයට පත්කිරීමට නියම කෙරිනි. අද සවස කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කළ අතර එම අවස්ථවේදී  කෑගල්ල පොලීසිය විසින් මහේස්ත්‍රාත්වරයා ගෙන් ඉල්ලා සිටියේ කුමාර් ගුණරත්නම්ව පිටුවහල් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

නමුත් එම අවස්ථාවේ කුමාර් ගුණරත්නම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම ඉල්ලීමට එරෙහිව අධිකරණයට දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කළ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන කටයුතුවල නිරතවීමට ලංකාවට පැමිණෙන ලෙස කල දැණුම්දීමකට අනුව පසුගිය වසරේ කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණි අතර ඉන් පසු දිගින් දිගටම එම පක්ෂය විසින් ඔහුට මෙරට දිගටම රැදී සිටීමට අවශ්‍ය බවත් ඒ සදහා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් එම ඉල්ලීම්වලට කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බව දැන්වීය.

නමුත් අද මෙසේ අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීමට ගෙන අති තීරණයක් බැවින් එයට ඉඩ නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුනි. කුමාර් ගුණරත්නම් වෙනුවෙන් නීතිඥ රුක්මාල් බංඩාර හා නුවන් බෝපගේ පෙනී සිටියේය.