ෂූමාකර් අවධානම් කෝමා තත්ත්වයක

හදිසි අනතුරකට ලක් වීමෙන් පසු දැඩි ලෙස රෝගී වූ ලෝක මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර් තවදුරටත් ජීවිතය සඳහා සටනක නිරතව සිටින බව ජාත්‍යන්තර මෝටර් රථ ධාවකයින්ගේ සම්මේලනයේ ප්‍රධානී ජෝන් ටොඩ්ට් පවසයි.

පසුගිය 2013 වසරේ දෙසැම්බර් 29 වන දා සිය පුත්‍රයා සමග ඇල්ෆ් කඳුවැටියේ හිම ක්‍රීඩාවේ නිරතව සිටියදී ලිස්සා යාමෙන් හිස ගලක වැදීමෙන් මයිකල් ෂූමාකර් කෝමා තත්ත්වයට පත් විය.

මාස 6ක පමණ කාලයක් කෝමා තත්ත්වයෙන් පසු වූ ඔහු පසුව නිවසේ සිට ප්‍රතිකාර කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන ගියේ ය.

නිවසේ සිට තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ෂූමාකර් අනතුරින් පසු මේ වන තෙක් ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැත.

අවස්ථා 7කදී ෆෝමියුලා – 1 ශූරතාව ජය ගෙන සිටින ජර්මන් ජාතික මයිකල් ෂූමාකර් 45 වැනි වියේ පසු වේ.