නාගදීප විහාරයේ කඨින පිංකමට නාවික හමුදා සහාය

යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරයේ වාර්ෂික කඨින පිංකම, උතුරු නාවික විධානයේ සහයෝගයෙන් පසුගිය දින දෙකක් පුරා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. 

නාගදීප විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු මෙම කඨින පිංකම සඳහා නාගදීප විහාරයේ දිගු කාලීන දායකයකු මෙන්ම එහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගි වි ඇත.

මෙම අවස්ථාවට හිටපු නාවික හමුදාපති සහ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් (විශ්‍රාමික ) දයා සඳගිරි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල, උතුරු නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහත්වරු ඇතුළු ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් ද එක්වි ඇති බව වාර්තා වේ.