වැල්ලවත්ත වැඩබිමක විදුලි සෝපානයක් කඩා වැටී අයෙකු මරුට

වැල්ලවත්ත, නෙල්සන් පෙදෙස ප්‍රදේශයේ වැඩබිමක විදුලි සෝපානයක් අළුත්වැඩියා කිරීමේ නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකු  විදුලි සෝපානය කඩාවැටීමෙන් අනතුරට ලක්ව ඇත.

තුවාල ලැබූවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් අයෙකු මියගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.