ගුණරත්නම්ව අත් අඩංගුවට ගත්තේ අනුරගේ ඉල්ලීමට

පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ නයකයා ලෙස සැලකෙන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා අත් අඩංගුවට ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් ආණ්ඩුවේ ඉහළම නායකයකුගෙන් කළ දැඩි ඉල්ලීමක් මත සිදුව ඇති බව වාර්තාවේ.

පසුගිය 03 වන දින සරසවි ශිෂ්‍යයන්ගේ සංවිධානාත්මක දැවැන්ත පාගමන හේතුවෙන් ආණ්ඩුවත් විශේෂයෙන්ම ජවිපෙත් බරපතල ගැටළුවකට මුහුණ දී තිබිණ. මේ අනුව ඉදිරියේදී ආණ්ඩුවට විශාලම අභියෝගය එල්ල වන්නේ ශිෂ්‍යන්ගෙන් බවත් මෙම ශිෂ්‍යයන් සංවිධානය කිරීම ආගමන නීති රීති උල්ලංගනය කරමින් මෙරට ‍රැඳී සිටින පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ ගුණරත්නම් විසින් සිදු කරන බවත් දිසානායක මහතා පෙන්වා දී තිබේ. එහෙත් කුමාර් ගුණරත්නම් කියා කෙනෙකු හඳුන්නේවත් නැති බවද දිසානායක මහතා ප්‍රකාශ කර සිටී.

ආගමන නීති රීති උල්ලංඝනය වීමක් සිදුව තිබුණද ඔහුව ලුහුබැඳ ගොස් අත් අඩංගුවට ගැනීම ආණ්ඩුව විසින් සිදු කළේ නැත. සිවිල් සමාජයෙන් එල්ල වූ බලපෑම ඊට හේතුවී තිබිණි. ගුණරත්නම් මෙරට පුරවසියකු වූවද ඔස්ට්‍රේලියානු පුරවැසියකු ලෙස ඔහුට මෙරට දේශපාලනය කිරීම සඳහා නීතියෙන් ඉඩක් නොලැබේ. මෙරට ‍රැඳී සිටීම සඳහා වන වීසා කාලය අවසන් වීමද ඔහුව අත් අඩංගුවට ගැනිමට තරම් හේතුවකි. එහෙත් එය පසුගිය කාලයේදි ආණ්ඩුව විසින් නොතකා හරිනු ලැබීය. එහෙත් පසුගිය මහ මැතිවරනයේදී පෙර‍ටුගාමි පක්ෂයේ ජාතික ලැයිස්තුවේ මුලින්ම නම සඳහන් වූයේ ගුණරත්න මහතාගේ නමය. ඊට කිසිවකුගෙ හෝ විරෝධයක් එල්ල නොවුනු අතර මැතිවරණ කොමසාරිවරයද ඒ පිළිගෙන තිබිණි.

ගුණරත්නම් මහතා අවසන් වරට මෙරටට පැමිණියේද එවකට ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මතය. මන්ද ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස අනුර දිසානායක මහාතාව ඉදිරිපත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මහතා විසින් දිසානායක මහතාටම යෝජනා කර තිබෙන බව රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානින්ට දැන ගැනීමට තිබීම නිසා ඔහුට එරෙහිව පෙර‍ටුගාමී පක්ෂය පාවිච්චි කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා හා එම ආණ්ඩුවේ ප්‍රධානින් තීන්දු කර තිබිණි. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් ගුණරත්නම් මහතා මෙරටට පැමිණියේය. නෛතික ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරණයේදී ගුණරත්නම් මහතාට, රාජපක්ෂ මහතාට වාසිවන අන්දමේ ප්‍රකාශ කිහිපයක් සිදු කිරීමට සිදුවූ නමුත් එම ගැටළු නිරාකරණය වූයේ නැත. වත්මන් ආණ්ඩුව විසින් ඔහුව අත් අඩංගුවට ගෙන පි‍ටුවහල් කිරීමට මුලදී උත්සහයක් ගත්තේද ජවිපෙන් එල්ල වූ බලපෑම මතය.

ඊයේ සවස වාර්තා වූ ආකාරයට ගුණරත්නම් මහතාගෙන් සරසවි පා ගමන ගැනද ප්‍රශ්න කරද තිබෙන බව වාර්තාවේ.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සිය සාමාජිකයන්ව දැනුවත් කර ඇත්තේ එම පාගමන මෙහෙය වූ ශිෂ්‍ය නායකයන් ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් බවය. එහෙත් ජවිපේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සිටින්නේ එහි ජාතික සංවිධාකවරයා පමණකි. වෙනත් සාමාජිකයන් කිසිවකුත් නොමැති බව සරසවි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ කරුණකි.

කෙසේ නමුත් මීට පෙර රාජපක්ෂ රෙජීමය පැවැති කාලයේදීත් (2012 අප්‍රේල් මාසයේදී ) ගුණරත්නම් මහතාව අත් අඩංගුවට ගැණුනේ අනුර කුමාර දිසානායක විසින් එවකට ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාගෙන් දිගින් දිගටම කළ ඉල්ලීම් හේතුවෙනි.