චතුර සේනාරත්න අධිකරණය විසින් සැකකරුවෙකු ලෙස නම්කෙරේ.

ගම්පහ දිස්ත්‍රික් UNP පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා විසින් රාගම පොලිස් අත්අඩංගුවේ සිටින තරුණයෙකු හට මරණ තර්ජන කලබවට වන චෝදනාවක් මත ඊයේ මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පුර්නිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කර තිබෙනවා. 
මෙම තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය සැප්තැම්බර් 14 වැනිදා රාගම රෝහලේ රථගාලේදී දෙපාර්ශවයක් අතර සිදුවූ බදු ආරවුල් පිලිබඳ ගැටලුවකදීය. මෙම සිද්ධියෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති ඇත. නිත්‍යානුකුල නොවන අයුරින් පොලිසිය වෙත පැමිණි වතුර සේනාරත්න විසින් අත්අඩංගුවට පත් පුද්ගලයාට පොලිසිය තුලදීම මරණිය තර්ජන කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධ නඩුව කඳවු අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න හට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබු නමුත්  ඊයේ අධීකරනය වෙත ඔහු ඉදිරිපත් වුයේ නැත. 
කෙසේ නමුත් මේ පිළිබඳව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පොලිසිය වෙත අධිකරණය දංවූ අතර චතුර සේනාරත්න සැකකරුවෙකු ලෙස අධිකරණය විසින් නම් කරන ලදී.
රාගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්රධාන පොලිස් පරීක්ෂක WMGS හෙට්ටිආරච්චි හා ගුණසේකර මහතා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.
නීතිඥ ලක්ෂාන් ඩයස්, එස් දස්කොන්, ප්රියන්ත රාජපක්ෂ, මහින්ද සුගතදාස නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න වෙනුවෙන් පෙනී සිටියහ. මෙම නඩුව 2015නොවැම්බර් මස 19 දිනට කල් තබන ලදී.