කැලෑ නීතියට කටයුතු කරන්න බෑ – මහින්ද කියයි

රාජපක්ෂ කෙනෙකු අත්අඩංගුවට ගැනීමට පැවතී සුදානමක් පිළිබඳව හා එලෙස බලපෑම් කරන අය පිළිබඳව  තොරතුරු හෙළි වෙමින් තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා. රට තුල ක්‍රියාත්මක විය යුතු නීතියක් පවතින අතර එම නිතිය ක්‍රියාත්මක කල යුතු බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා කැලෑ නිතිය මගින් කටයුතු කල නොහැකි බවද පෙන්වා දුන්නා.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් හිටපු පනපති මහින්ද රාජපක්ෂ මහතා හට පසුගිය සමයේ  අශෝභන ආකාරයෙන් බන වැදුන අතර ඔහුගේ වාග් මාලාව තුල “කලවැද්දා – උගුඩුවා” ආදි නොහොබිනා වචන නිරන්තරව භාවිතා වුනා. දිගින් දිගටම රාජපක්ෂවරුන් නිර්ධය ලෙස විවේචනය කරමින් ෆොන්සේකා මහතා පළිගැනීමේ සැලසුමක කටයුතු කරන බවයි මෙම දිනවල මාධ්‍ය හරහා කියවෙන්නේ.

කෙසේ නමුත් පසුගියදා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩා සිද්ධිය පදනම් කරගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ඇතැමුන් බලපෑම් කලද එසේ අත්අඩංගුවට ගැනීමට තරම් කිසිදු සාක්ෂියක් නොපවතින බවය.

යහපාලනය සඳහා බිහිකරගත් රජයක් වශයෙන් අතිගරු ජනාධිපති තුමා ප්‍රමුක අග්‍රාමාත්‍ය වරයාද පළිගැනීමේ චේතනාවකින් තොරව කටයුතු කරන බවද එතුමා මෙහිදී ප්‍රකාශ කළා.