ගැටළුව මුදලින් තක්සේරු කළ නොහැකියි – මෝදිට කාෂ්මීර විරෝධතා

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කාෂ්මීරයේ සංචාරයක නිරතවීමෙන් පසු එහි පැවති විරෝධතාවක් අතරතුර පොලිසිය විසින් එල්ල කල වෙඩි පහරකින් විරෝධතාකරුවෙකු මරණයට පත්වූ බව විදෙස් මාධ්‍යයන්හි සටහන්ව තිබුනා. කාෂ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර දශක 6 කට ආසන්න කාලයක් මතබේදයක් පවතිනවා. ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් වෙසෙන එකම ප්‍රාන්තය වන්නේ කාශ්මිරයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි කාෂ්මීර සංචාරයේදී කියා සිටියේ ප්‍රාන්තය සඳහා ඩොලර් බිලියන 12 ක මූල්‍යාධාර වෙන් කරන බවයි. කාශ්මීර ප්‍රාන්ත මහ ඇමති  ඕමාර් අබ්දුල්ලා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කාෂ්මීරයේ යෙදුණු සංචාරයේ දී සිදුකළ මෙම ප්‍රකාශයන හෙළා දුටුවා. එහෙත් කාෂ්මීර ගැටළුව මුදලින් තක්සේරු කළ නොහැකි බව ප්‍රාන්ත මහ ඇමති  ඕමාර් අබ්දුල්ලා තවදුරටත් ප්‍රකාශ කළා.