කෲර වධදී ළමයා මරා දැමු හය දෙනාට මරණ දඬුවම – වීඩියෝ

බංග්ලාදේශ  අධිකරණය මගින් පසිගිය දිනකදී පුද්ගලයන් 06 දෙනෙකුට මරණ දඬුවම නියම කළා. ඒ 13 හැවිරිදි දරුවෙකුට කෲර වධදී මරාදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවකට වරදකරුවන් වීම හේතුවෙනුයි.
මරණ දණ්ඩනය නියමවූ එක් විත්තිකරුවෙකුට මෙම දරුවා වධ දී මරාදමන ආකාරය වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ලවනවා.

අදාළ සිද්ධියෙන් පසු අපරාධ කරුවන්ට මරණ දඬුවම ලබා දෙන්නයි බල කරමින් බංගලාදේශයේ විරෝධතාවයන් ඇති වුනා.

මෙම ඝාතනය සිදුව ඇත්තේ මේ වසරේ මුල් භාගයේයි. විදෙස් මාධ්‍ය මගින් මෙම සිද්ධිය පරිඝනක සජීවිකරණ වීඩියෝවක් ලෙස නිකුත් කර තිබෙනවා.