මාරපන ඉල්ලා අස්වූයේ ආණ්ඩුව රැකගැනීමට – ගම්මන්පිල

පසුගිය මැතිවරණ සමය පුරා මෙගා ඩීල්ගැන කළ ප්‍රකාශ එකක්වත් සත්‍ය නොවීම නිසා ඇමති පාඨලී චම්පික රණවක, සහ අනුර දිසානායක ගළේ පහරපු බළලුන්ගේ තත්වයට පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

udaya-gammanpila

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කවුරුන් හෝ අත්අඩංගුවට ගත යුතුය යන ස්ථාවරයේ ඇමතිවරුන් කිහිපදෙනෙකු සිටින බවත්, අත්අඩංගුවට ගැනීමක් සිදු නොවුනහොත් එම ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්වන බවට ප්‍රකාශ කරමින් සිටින බවත් දැනගන්නට ඇතැයි ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම තිලක් මාරපන අමාත්‍යවරයා ඉල්ලා අස්වූයේ ආණ්ඩුව රැක ගැනීම සදහා අගමැතිවරයා උපදෙස් දී ඇති බැවින් විය හැකි බවද අද පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.