කැබිනෙට්ටුවේදී ඇමැතිවරුන්ගේ “රෙදි ගැලවේ”

මෙවර කැබිනට් මණ්ඩලය උණුසුම් වාද විවාදවලින් පිරුණු රැස්වීමක් විය. පළමු ගැටුම ඇතිවූයේ එස්.බි. නාවින්න ඇමැතිවරයා හා රවි කරුණානායක ඇමැතිවරයා අතරය.  ඒ නව විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ හතළිහක් මුද්‍රණය කිරීමට ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් නිසාය.
“පාස්‍පෝට් ලක්ෂ හතළිහක් ගහන්න ඕන නෑ. ලක්ෂ පහක් මුද්‍රණය කළාම ඇති.” රවි කීවේ විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ හතළිහක් මුද්‍රණය කිරීමට මුදල් දිය නොහැකි බව කියමිනි.
“මේවා විටින් විට මුද්‍රණය කරන්න බෑ. ඒ නිසා එකවරම මේවා මුද්‍රණය කරමු” නාවින්නත් තමන්ගේ කැබිනට් පත්‍රිකාව හකුලා ගැනීමට සූදානම් වූයේ නැත.
“මේ ගිය ආණ්ඩුවෙන් කරපු යෝජනාවක්. මේවා පිටිපස්සේ ගනුදෙනු තියෙනවා” රවි කියන විට නාවින්නත් එයට අභියෝග කළේය. මේ ආකාරයට එක් කැබිනට් පත්‍රිකාවක් ගැන විවාදය විනාඩි හතළිහක් පමණ ඇදී ගියේය.
“මෙහෙම විවාද කරන්න ගියොත් කිසිම දෙයක් කරන්න බැරිවෙනවා. ඒ නිසා කැබිනට් එකෙන් පස්සේ මේ ගැන කතා කරන්න” මෛත්‍රී කී විට සියල්ලෝම නිහඬ වූහ.

කැබිනට් පත්‍රිකා සාකච්ඡාවට ලක්කිරීමෙන් පසුව චම්පිකත් රාජිතත් එක්ව දේශපාලන බෝම්බයක් කැබිනට් මණ්ඩලය හමුවේ තැබුවේය. ඒ ඇවන්ගාඩ් ගැනය. එවැනි දේශපාලන බෝම්බයක් පුපුරවා හැරීමට හේතුවී තිබුණේ කලින් දිනයේදී පාර්ලිමේන්තුවේ දී නීතිය හා සාමය පිළිබඳ ඇමැති තිලක් මාරපන ඇවන්ගාඩ් ගැන කළ ප්‍රකාශයයි. ඇවන්ගාඩ් නැව් ‍පොලීසියෙන් වැටලුවේ අලුත් ආණ්ඩුවෙන් ලකුණු දාගැනීමට යැයි මාරපන කීවේ අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ සභාව කල් තැබිමේ විවාදයේදීය. අනුර කුමාර කීවේ ඇවන්ගාඩ් සභාපතිවරයා වජිර අබේවර්ධන ඇමැතිවරයා හරහා ජනාධිපතිවරයා හමුවූ බවය.
“ඇවන්ගාඩ් සිදුවීමට එහි සභාපතිවරයාට මම නීති උපදෙස් දෙනවා. මේකේ කිසිදු නීති විරෝධී කටයුත්තක් කර නැහැ. මගේ සේවාදායකයා කියන දේවල් මෙතැන කිව්වොත් ගොඩක් අයට ලැජ්ජා හිතේවි” මාරපන පාර්ලිමේන්තුවේදී කීවේය.
ඒ උණුසුම කැබිනට් මණ්ඩලයට ඇදී ආවේ චම්පික කළ ප්‍රකාශයක් සමගින්ය.
“ඇවන්ගාඩ් ගැන පරීක්ෂණ කරනවා කිව්වා. මේ ගැන පාර්ලිමේන්තුවේදීත් විවාද ඇතිවුණා. ඒ වෙලාවේ අනුර කුමාර බරපතළ කතාවක් කළේ. ඒත් චෝදනා තියෙන ඇමැතිලා සද්දයක් නැතිව ඉන්නවා. අපි ආණ්ඩුවෙන් එළියට ආවේ දූෂණ වංචාවන්ට විරුද්ධ නිසා. ඒත් මේ ආණ්ඩුවේත් ඒ දේවල් එහෙමම වෙනවා නම් අපිට තීරණයක් ගන්න සිදුවේවි” චම්පික  කීවේය.

රාජිත සහ චම්පික මේ සුදානම් වෙන්නේ යහ පාලනය වහ පාලනයක් බවට බොරු මවා පෑම් මගින් ජනතාවට පෙන්වා දේශපාලන වාසි ලබා ගෑනීමට බව බොහෝ දෙනා කතා විය.

මහින්දගේ පාලන සමයේ මේ දෙදෙනා රජයේ වගකීම් සහිත ඇමැතිධුර දරමින් සිදු කල දුශණ හෙලි දරව් වීම වලක්වා ගෑනීමට වත්මන් රජයේ ප්‍රතිරෑපය බිද වෑට්ටීම සදහා මෙවෑනි කටයුතු කරන බව කසු කුසුවක් මතුවිය.

1 2