විපර්යාසිත ලිංගික රූ රැජින තරගය

විපර්යාසිත ලිංගිකයින් සඳහා පැවැත්වුණු උළෙලක් වූ 2015 අන්තර්ජාතික රූ රැජින තරගය පසුගිය දා තායිලන්තයේ දී නිමාවට පත් විය.

මෙම රූ රැජින තරගයෙන් ජය ගෙන කිරුළු පැළඳීමට හැකියාව ලැබුණේ පිලිපීන ජාතික විපර්යාසිත ලිංගික කාන්තාවක වන 29 හැවිරිදි ට්‍රික්සි මාරිස්ටෙලා හට යි.

උපතින් පිරිමියෙකු ලෙස උපත ලද මැය පසුව තීරණය කර ඇත්තේ තම ඉදිරි ජීවිතය ගැහැණියක ලෙස පවත්වාගෙන යාමටයි.

මෙම තරගය සඳහා ලොව පුරා විපර්යාසිත ලිංගිකයින් 26 දෙනෙකු ඉදිරිපත් වූ අතර දෙවන ස්ථානය බ්‍රසීලයටත් තෙවන ස්ථානය තායිලන්තයටත් හිමි විය.