දෙන්නාටම ආදරයක් නෑලු

පහුගිය කාලේ සිරසේ හිරිකිත ආතල් දුන්න යුකි හා කාවින්ද්‍යා අතර ආදර කතාන්දරයක් පිළිබඳව  අන්තර්ජාලය හරහා කතා බහට ලක් වුනා. යුකි සන්ෆලවර් නායක නිල වර්නකුලසූරිය මහතාගේ බාල පුතනුවන් වන අතර,  කාවින්ද්‍යා අධිකාරි, අතුල අධිකාරි ගෙන් සමිතා මුදුන්කොටුව ගේ දියණිය වෙනවා.

කොහොම වුනත් මේ දවස් වල යුකි කාවින්ධ්‍යා සමග නෝක්කාඩුවකින් සිටින බව ආරංචි වෙනවා. දෙන්න අතරේ ආදර සම්බන්ධයක් නොතිබුණු බව කියන යුකි කියන්නේ “කවි මගේ නංගි කෙනෙක් වගේ” කියලා. කාවින්ද්‍යාත් කියන්නේ මේ කතාව බොරුවක් කියල.

රටක් ආදරය කරන අතුල අධිකාරි හා සමිතා ට පහුගිය කාලය එතරම් හොඳ කාලයක් වුනේ නෑ.

සමිතා මුදුන්කොටුවගේ හැර යාමෙන් පසු 2010 දි අතුල මෝස්‌තර නිරුපිකාවක් වන අමායා සමග එක් වුනා.

“බඳින්න කලින් අතුල අයියට මාව නැතුව ඉන්න බැරි වුනා. මටත් අතුල අයියාව නැතුව ඉන්න බැරි කාලයක් තිබුනා. ඒ දවස් වල එයා රට කනවා කිවුවම මම පෙරලි පෙරලි අඬනවා.” අමායා අතුල ආදරයට ඒ වගේ සුන්දර කාලයකුත් තිබුනට දැන් ඒක වෙනස් වෙලා.

“දැන් එයාට මාව ඕනේ නෑ වගේ. එයාට යන්න ඕනේ කිවුවා. මම යන්න දුන්නා.”

අමායා පසුගිය දිනෙක පුවත්පත් අතිරේකයකට පවසා තිබුනේ අතුල තමන්වත් දියණියවත් හැර ගිය බවයි. අතුල කියන්නේ පවුල් ජීවිතේටත් වඩා සංගීතයට මුල් තැනක් දෙන කෙනෙක් විදියට තමයි එහිදී අමායා විසින් අතුල ගැන කියා තිබුනේ.

අතුල නම් මේ ගැන කිසිවක් කතා නොකරන බවයි පෙන්නේ. ඔහු කියන්නේ මේ හැමදේම ගැන තමන් විමසිල්ලෙන් බලාගෙන සිටින බවයි.