රජය දෙමළ ජනතාව රැවැට්ටුවා – එම්.කේ. සිවාජිලිංගම්

ඇප මත නිදහස් කර එහෙත් ඇප තැබීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා යළිත් බන්ධනාගාර භාරයට ගැනුනු  එල්.ටී.ටී.ඊ. රැඳවියන්ට පොදු සමාව ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සඳහන් කළේ රජය මෙම සිද්ධියේදී දෙමළ ජනතාව රැවටීමට ලක් කර ඇති බවයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගෙන සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් 31 දෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ ඇප මත මුදාහැරියා.

එහෙත් ඔවුන්ට ඇප ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා ඔවුන් යළිත් බන්ධනාගාරයට පත් කෙරුණා.

hirunews.lk