සමලිංගික ප්‍රේමය දෙදරයි

ආදරය නිසා පෙම්වතිය මරණයට පත්කළ පෙම්වතෙකු පිළිබඳව පුවතක් වාර්තා වී හෝරා කිහිපියක් ගතවන්නට පෙර ආදරයෙන් වෙලි සිටි තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ සිත් තැවුලක් මත එක් තරුණයකු අනෙක් තරුණයාට පිහියකින් ඇන මරා දමා ඔහුද වස පානයකර රෝහල් ගතකල වෙනස්ම ආකාරයේ පුවතක් හබරණ ප‍්‍රදේශයෙන් වාර්තාවෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හබරණ ජයසේන්ගම පදිංචි ඩබ්ලිව් .එච් .ඔෂාන් විදුරංග (23*සංචාරක හෝටල් සේවකයෙකි .වස පානය කර රෝහල් ගත කර ඇත්තේ දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි සම්බාහන මධ්‍යස්ථානයක සේවකයෙකි .

10වනදා පස්වරුවේ මෙම තරුණයන් දෙදෙනා මත්පැන් පානය කිරීම සදහා හබරණ 5 කණුව ගල්තලාවක් මතට ගොස් තිබෙනවා. 11වන දින අලූ‍යම වෙද්දී වසපානයකර සිටින තරුණයා සිය නිවසට ඇමතුමක් ලබාදී කියා ඇත්තේ තමන් සිය මිතුරා ට පිහියකින් ඇන මරා දැමු බවත් තමන්ද වස පානයකර ගල් තලාවේ වැටි සිටින බවත්ය.

ඒ අනුව හබරණ පොලිසියට දැනුම්දී වසපානය කල තරුණයා හබරණ රෝහලට ඇතුලත් කොට පසුව දඹුල්ල රෝහලට මාරුකර ඇත. පොලිසිය යන විට අනෙක් තරුණයා ගල උඩම මියගොස් සිට ඇත.

මෙම මිතුරන් දෙන්නා කාලයක සිට ආදරයෙන් වේලි සිට ඇත. මියගිය තරුණයා තරුණියක සමඟ සබඳකමක් පවත්වන බව දැනගත් පසු එය ඉවසා ගත නොහැකි තැන තමන්ගේ මිතුරා මරා තමන්ද මැරෙන්නට තීරණය කලබව රෝහලේ සිටින තරුණයා පොලිසියට කියා ඇත .

මිය ගිය තරුණයාගේ මවද පවසා ඇත්තේ තම පුතා කාලයක් සිට මෙම මිතුරා ඇසුරු කරන අතර ඔහු තම නිවසටද නිතර පැමිණ ආහාරපාන ගෙන සිටි අයකු බවයි.

ka1 ka2 ka3 ka4 ka5