හිතුවට වඩා හොඳට අනුර වැඩේ කරනවා – මහරාජා සතුටින්

ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතීන බවට අප කල අනාවරණය මේ වනවිට එක්සත් ජාතික පක්ෂය පවා පිළිගෙන තිබේ.

ඇවන් ගාර්ඩ් ව්‍යායාපාරය නීති විරෝධී බව කියමින් රටේ මත සැකසීමේ කොන්ත්‍රාතුව බාර දී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමර දිසානායකට බවත් පසුගිය දින හිටි හැටියේම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අනුර කුමාර සිදු කරනු ලැබුවේ මේ කොන්ත්‍රාත්තුවේ එක් පියවරක් බවත් අපක්ෂපාති හා දේශයට ආදරය කරන මාධ්‍ය මගින් අනාවරණය කල අතර ඒ අනුව ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සාමගමට අයත් පාවෙන අවි ගබඩාව පිළිබඳ ව ඇති චෝදනා වසන් කිරීම සඳහා එම ආයතනයෙන් මුදල් ලබා ගත්තාය කියන මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් ආරක්ෂක අංශ නිළධාරීන් පොලිස් නිලධාරීන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලකයන් ආදී සියලු දෙනා හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙමින් සිටින බවද අප අවරණය කළා.

මේ වන විට මහරාජා ජාලය මගින් ක්‍රියාත්මක වන ලාංකික යටිබිම් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ඍජුවම අනුර කුමාර සම්බන්ද කරගන්න ලෙසත් කොන්ත්‍රාත්තුවේ මුදල පිළිබඳව නොසැලකීම් ඔහුගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මුදල් යොදවන ලෙසත් මහරාජා අධිපති කිලී විසින් තම කළමනාකාරිත්වය දැනුවත් කර ඇති බව දන ගන්නට ඇත. අනුර කුමාර පිළිබඳව කිලී මේ වන විට බොහෝ පැහැදීමෙන් සිටිනා බව ප්‍රකාශ කරන මෙම මාධ්‍ය කළමනාකරු හෙළි කරන ආකාරයට එතෙක් මෙතෙක් මහරාජා අධිපතිතුමන්ගේ විස්වාසය මෙතරම් දිනා ගැනීමට තරම් සාර්ථකව යටිබිම් දේශපාලනයේ නිරත වන පුද්ගලයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර හඳුන්වා දෙයි. මේ වෙනුවෙන් ඇති විශාල මුදලක් වෙන් කර ඇති බව හෙළි කලද එය කෙතරම්ද යන්න පිළිබඳව ඔහු තොරතුරු සපයන්නේ නැත.

යහපාලන ආණ්ඩුව හා එහි ප්‍රබලයන් සමග මහරාජා කරගෙන යන්න වූ යටි බිම් දේශපාලනය පිලිබදව නුදුරේදීම අප ඔබ වෙත තබන්නෙමු.

දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට පැමිණි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කල හෙළිදරවුව අනුවද එය තහවුරු වෙමින් තිබේ.