එදා නීත්‍යානුකුලයි! රාජිතගේ රහස් හෙළිවන ලකුණු…

ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය ලෙස කටයුතු කරමින් ඇවන් ගාඩ් සමාගමට බලපෑම් කල රාජිත ඇමතිතුමා දැන් එයට විරුද්ධව කටයුතු කිරීම තුල හුදු දේපාලන හා බඩගෝස්තරවාදී පළිගැනීමේ අරමුණින් පමණක් කටයුතු කිරීමක් බව පෙනී යයි.
ඇවන් ගාඩ් සමාගමට ඔවුන්ගේ සේවකයන් බදවා ගැනීමේ පටන් තනතුරු ලබාදීම් හා බොහෝ පරිපාලන කටයුතු වලදී ද රාජිත අමාත්‍ය වරයා විසින් මෙවැනි බලපෑම් එල්ල කර ඇති බව හෙළි වෙමින් පවතී.
ඔහු විසින් ඇවන් ගාඩ් සමාගම වෙත 2014.09.03 දින ඉදිරිපත් කරන ලද ලිපියක් මෙසේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරමු.

පුද්ගලික නාවික ආරක්ෂක අංශය වෙත ඇතුලත් කිරීම
නාරම්මල, ගන්දෙනිය, ශාන්ත නිවාස යන ලිපිනයේ පදිංචි එස්.එම්. එස්. පී. රත්නකුමාර මහතා ඔබ ආයතනයේ ස්ථාන භාර නිලධාරියෙකු වශයෙන් සේවය කරන බවත්, ඔහු සමුදුරු ආරක්ෂක කණ්ඩායමේ නායකයෙකු ලෙස මාස 04 ක් කාලයක් සේවය කර ඇති බවත්, පානදුර වෙළඳ හා නාවික පුහුණු ආයතනයේ සමුදුරු ආරක්ෂක පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා එම සහතිකයද ඔබ ආයතනය වෙත භාර දි ඇති බවත්, සමුදුරු ආරක්ෂක තනතුර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මා වෙත ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර සමුදුරු ආරක්ෂක තනතුර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්නේ නම් ස්තුති වන්ත වෙමි.

12248855_10204986206437636_421618518_n

දොස්තර රාජිත සේනාරත්න විසින් මේ වන විටද ඇවන් ගාඩ් කළමනාකාරිත්වය ට බලපෑම් එල්ල කරමින් සිටිනා බවටද චෝදනා එල්ල වෙයි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ දීද දුෂිත දේශපාලනයේ යෙදුනු මොහු එදා මෙදා තුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් දුෂණ චෝදනා මත දොට්ට දැමු  ඇමති වරුන් අතර පළමු   වැන්නා ලෙස කුප්‍රකටව සිටි.

12231471_10204986228118178_1870376100_n