පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු විශ්වාසභංගයකට සැරසෙයි.

රජය අපහසුතාවයට පත්වන අන්දමින් කටයුතු කිරීම හේතුවෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න හට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කෙරෙන බවට විශ්වාසදායි ආරංචි මගින් දැනගන්නට ලැබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායකයන් හා ප්‍රබල මහින්ද පාක්ෂිකයන් කිහිප දෙනෙකු අතර මේ පිළිබඳව මුලික සාකච්ජා සිදු කෙරුණු අතර මේ වන විට 150 කට අධික මැති ඇමතිවරුන් පිරිසක් ඉතා ඉක්මනින් මේ සඳහා ක්‍රියාත්මක විය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ජා කර තිබෙනවා.

කැබිනට් සාමුහිකත්වය කඩවන අන්දමින් හා රජයේ විශ්වාසය බිඳ වැටෙන ලෙස කටයුතු කිරීම යන කරුණු පදනම් කර ගෙනයි මෙම ක්‍රියාමාර්ගයට යොමුව ඇත්තේ.

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට විදේශගතව සිටින අතර මේ සියලු කාරනා අවධානයට ගනිමින් ඉදිරි කටයුතු සැලසුම් කිරීමට එතුමන් උපදෙස් ලබා දි තිබෙනවා.

යහපාලන රජය මගින් අමාත්‍ය රාජිත සේනාරත්න වෙත ලබා දි තිබු වගකීම් අභිබවා යමින් ඉතා අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හා අමාත්‍ය මණ්ඩලය තුල ගැටලුකාරී තත්වයන් නිර්මාණය කරමින් දිගින් දිගටම ඔහු සිදු කරන කටයුතු හා ප්‍රකාශයන් පිළිබඳව බොහෝ ආණ්ඩු පක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ද පසු වන්නේ දැඩි අප්‍රසාදයකින් බව මෙම සාකච්ජා අතරතුර පැහැදිලිව පෙනී ගොස් ඇත.

“අගමැති සිහිනය කරේ තියාගෙන එතුමා දැනටමත් විධායක බලතල අතට අරගෙන වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ” රනිල් වික්‍රමසිංහ මහතා සමග අදහස් දක්වමින් රජයේ තවත් එක් මන්ත්‍රී වරයෙක් එසේ පවසා තිබුනා.

මේ වන විටත් පක්ෂ විපක්ෂ ජනවාරි 08 බිහිකරගත් යහපාලන නියමුවන් අතිගරු ජනාධිපති තුමන් හමුවී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ගැන තීරණයක් ගන්නා ලෙස බල කරමින් සිටින බවද වාර්තා වෙනවා.