ප‍්‍රංශයේ පැරිස් නුවරට දැවැන්ත ත‍්‍රස්ත ප‍්‍රහාරයක්

ප‍්‍රංශයේ පැරිස් අගනුවරට එල්ල වූ වෙඩි ප‍්‍රහාර මාලාවකින් සහ Stade de France ප‍්‍රදේශයේ හටගත් පිපිරීම් කිහිපයකින් 150කට අධිකර පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

ප‍‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරයෙන් පසු මේ වන විට එරට ප‍‍්‍රධාන නගර සියල්ලේම ආරක්ෂාව තරකර තිබෙනවා.පැරිස් නුවරට එල්ල වූ ප‍‍්‍රහාරයෙන් පසු හදිසි තත්ත්වයක් ද ප‍‍්‍රංශ රජය මගින් ප‍‍්‍රකාශයට පත්කළා.කෙසේ වෙතත් ප‍‍්‍රහාරය එල්ල කළ පාර්ශ්වය කවුරුන්දැයි නිශ්චිතව දක්වා නැහැ.

මෙම සිද්ධියත් සමග ප‍්‍රංශයේ සියලූ‍ දේශසීමා වසා දැමීමට එරට රජය පියවර ගෙන තිබේ.මෙම ප‍්‍රහාරය මරාගෙන මැරෙන වෙඩික්කරුවන් සිදු කරන්නට ඇති බවට ද ඇතැම් වාර්තා සැක පළ කරයි.මේ වන විට ප‍්‍රංශ ආරක්ෂක අංශ පැරිස් නුවර වැසියන්ට නියෝග කළේ, නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙස ය

 

1447464447paristop02 151113223813_sp_paris_624x351_afp_nocredit

 

 

151113225556_paris_attacks_624x351_reuters_nocredit 151113230106_sp_paris_624x351_afp

11693905_1691468301089051_8847842638560316689_n 2E6C9FD000000578-3317776-Victims_lay_on_the_pavement_outside_Paris_restaurant_following_a-a-62_1447454685402