ඈමති ගයන්ත කලා කරුවෙකුට පිහිටවෙයි

ජීවිත කාලයෙන් බෙහෝ කාලයක් වසර 42ක් තරම් වූ කාල පරාසයක් ශී‍්‍ර ලංකාවේ නාට්‍ය රසිකයන් වෙනුවෙන් තම ජීවිතය කැප කල, අද ඉතා අසනීප තත්වයෙන් පසුවන ප‍්‍රවීණ රංගධර නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ සුවදුක් බැලීමට වත්මන් රජයේ ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා 2015 නොවැම්බර් මස 12 පෙරවරුවේ නිහාල් මහතා දැනට පදිංචිව සිටින බොරලැස්ගමුවේ නිවසට ගියේය.

1973 වර්ෂයේ සුභ සහ යස නාට්‍යයෙන් නාට්‍ය ජීවිතය ආරම්භ කර ඇති නිහාල් ප‍්‍රනාන්දු මහතා දැනට හෘදයාබාධ රෝගයෙන් අසනීප සිටියි. දරු දෙදෙනෙකුගේ පියෙක් වන ඔහු අද ඉතා අසරණ තත්වයකට පත්ව සිටී.

කලාවට ඇති ආදරය නිසාම 1996 වසරේ දී ඔහු ,අමාන්තය, නම් වූ චිත‍්‍රපටියක් නිෂ්පාදනය කළේය. ජනතාවගේ සිත්සතන් පිනවීමටය.

තමාට අයත් නිවාසය බැංකුවට උගස්කර ලබාගත් මුදල අමාන්තය චිත‍්‍රපටියට වියදම් කළේ දහසක් සිතුවිලි හෙ’ද් ර’දවාගනිමිනි.

එහෙත් දෛවය ඔහුගේ බලාපොරොත්තු සුනුුවිසුනු කලේ චිත‍්‍රපටිය නිසා උගස්කල නිවස බැංකුුවට සින්න කරමිනි.

කාලයාගේ ඇවෑමෙන් ඔහු තවත් අසරණ විය. එක්තැන් රෝගී තත්වයකට පත් වූ නිහාල් ප‍්‍රනාන්දු මහතා ඇතුථ මුථ පවුලම අද ඉතා අන්තඅසරණ තත්වයකට පත්ව සිටී.

මේ පිළිබදව කරුණු දැනගත් වත්මන් ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා නිහාල් ප‍්‍රනාන්දු මහතාට ජාතික චිත‍්‍රපට සංස්ථාවේ අනුග‍්‍රහයෙන් මූල්‍යමය ආධාරයක්ද පිරිනමන ලදී.

අප රටේ කලා කෙත අස්වැද්දූ ඒත් අද ජීවත්වීම පවා නොහැකිව අසරණ වී සිටින එම කලාකරුවන් පිළිබ’දව සෙයාබලා ඔවුන්ගේ ඔිනෑඑපාකම් පිළිබදවත්, අවශ්‍ය උදව් උපකාර කිරීමටත් තමා සුදුසුකමින් සිටින බව මෙහිදී ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක අවධාරණය කළේය.

 

a