විජේවීරගේ අයිතිය වෙනුවෙන් බිරිඳ ජවිපෙට එරෙහිව නඩු පවරයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන ශී‍්‍රමතී චිත‍්‍රාංගනී ප‍්‍රනාන්දු මහත්මිය ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නඩුවක් පවරන ලදී

ඒ තම සැමියා වූ රෝහණ විජේවීර මහතා විසින් රචිත පොත් 7 ක් බුද්ධිමය දේපළ පණතට පටහැනිව ජවිපෙ විසින් මුද්‍රණය කර විකිණීම හේතුවෙන් ඇය ජවිපෙන් රුපියල් ලක්ෂ පණහක වන්දියක් ඉල්ලන අතර එම ග‍්‍රන්ථ මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.  ඇය මෙම නඩුව පවරන ලද්දේ කොළඹ වාණිජ මහාධිකරණයෙනි.

අදාළ පැමිණිල්ල විභාග කිරීමට තිරණය කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න ලබන 27 වන දින ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලදී.

විජේවීර බිරිඳ බුද්ධිමය දේපොල අයිතිය කියන ඇයගේ ස්වාමියා විසින් රචිත ග්‍රන්ථ නම්..,
අප මරා දැමුවද අප නගන හඩ සදා නොමියෙනු ඇත
අවස්ථාවාදයද නිර්ධන පංති ආඥාදායකත්වයද
දෙමළ ඊළාම් අරගලයට විසඳුම
අත්දැකීම් කිහිපයක්
රට හදන අපේ ප්‍රතිපත්තිය
රතු ඔක්තෝබරයේ පාඩම්
වියට්නාම් විප්ලවය ආරක්ෂා කරමු 

ජවිපෙ ඉල් මහ සමරුව පවත්වන්නේ ඝාතනය කළ රෝහණ විජේවීර ඇතුළු 88-89 පිරිස් සැමරීම වෙනුවෙනි.

විජේවීර බිරිඳට නාවික හමුදාවෙන් දී තිබූ නිවස අහිමි වීමත් ජවිපෙ වත්මන් නායකත්වය ඇය සහ විජේවීරගේ දරුවන් නොතකා හැරීමත් ඇතුළු කාරණා රැසක් හේතුවෙන් ඇය සහ ජවිපෙ වත්මන් නායකත්වය අතර විරසකයක් පසුගිය කාලයේ හට ගත්තේය. මෙම නඩුව එහි ප්‍රතිඵලයකි.

sss

lankaenews