ගස් කෑපු මිනිසුනේ මට ඔබේ දානය එපා

කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ මහා පරිමාන වල්ලපට්ටා ජාවාරමක් සිදුවන බව වාර්තා වෙයි.

ප්‍රධාන මාර්ගවලට ආසන්නයේ ඇති කුඩා මාර්ගවලින් වනාන්තරයට පිවිසෙන ජාවාරම්කරුවන් වල්ලපට්ටා ගස් කපමින් වනාන්තරය විනාශ කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

හිනිදුම නුගගල වන අරණේ වනවාසී යාලේගම සුමනජෝති හිමිපාණන් පවසන්නේ තම අරණ වටා තිබු වල්ලපට්ටා ගස්ද කිසියම් පිරිසක් කපාගෙන ගොස් ඇති බවය.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වනවාසී යාලේගම සුමනජෝති හිමියන්.

“කන්නෙලිය වනාන්තරයේ වල්ලපට්ටා ජාවාරම කාලයක පටන් සිදු වෙනවා. වනාන්තරයේ තිබෙන ආරඥ කිහිපයක් නිසා වටේ කැලෑව රැකුණා. අද ඒවත් කපනවා. වන විනාශ කරන්නවුන් වහා නිතිය හමුවට පැමිණ වියයුතුයි”

වනාන්තරය තුළට පාරවල් කපා දැව ජාවාරමේ යෙදුනු පිරිසක් අත්අඩංගුවට ගැනීමට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තවලම අඩවි වන කාර්යාලයේ නිලධාරිහු සමත්වී විය.

මොවුන් වනාන්තරයේ ඇති ඇලස්ටෝනියා ඇතුළු දගස් කපා ට්‍රැක්ටර්වලින් ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට පත්වූ ඉවයි අප වාර්තාකරු පැවසුවේ.

කන්නේලිය වනාන්තරය හෙක්ටයාර 5305 පුරා පැතිරී පවති.

හෙක්ටයාර 5108.2 ක් ඝන වනාන්තරවලින්ද හෙක්ටයාර 168.4 විවෘත වනාන්තරවලින්ද හෙක්ටයාර 29.3 වන වගාවලින්ද සමන්විත වෙයි.

කන්නෙලිය රක්ෂිත වනාන්තරය පහතරට නිවර්තන වර්ෂා වනාන්තරයක් වන අතර මෙය කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණයට අයත් වෙයි.

මෙම කලාපයේ වනාන්තර පහතරට තෙත් කලාපීය වර්ෂා වනාන්තර ලෙස හදුන්වයි.

දැනට රක්ෂිත ලෙස යෝජනාකොට ඇති දෙදියගල හා නාකියාදෙනිය වනාන්තරද එක්ව ගත්කල කන්නෙලිය,දෙදියගල, නාකියාදෙනිය සංකීර්ණය ලෙස හඳුන්වන මෙම මුළු ප්‍රදේශය හෙක්ටයාර 11,900 කින් සමන්විත වෙයි.

12227125_705055022929849_4626940224971325849_n 12227151_705054972929854_7571585360246785853_n 12239508_705054709596547_8262072007914904158_n 12240096_705054856263199_5323410667833872572_n 11693920_705054229596595_3420982208834935577_n bn

( හිනිදුම විශේෂ රවීන්ද්‍ර ලියනගේ )